ප්‍රියංකා ලිංගික ඡාවාරමක

Published in අනං මනං
Tuesday, 02 December 2014 13:47

පසුගියදා ඉන්දියානු පොලීසිය විසින් මුම්බායි නුවර වර්සෝවා ප‍‍්‍රදේශයේ Vastu Precinct’ නම් ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගිය Charisma Spa’ රූපලාවන්‍යාගාරය වැටලූ පසුව එහි ලිංගික ජාවාරමට යොදාගැනීමට සැරසුන කාන්තාවන් තිදෙනෙකු බේරාගනු ලැබුවේය.

පසුව මෙම ස්ථානය පවත්වාගෙන ගිය එහි කළමණාකරුවා වූ දිනේෂ් චන්ද‍්‍රකාන්ත් නම් පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇත. ඔහු මෙම ස්ථානය පවත්වාගෙන ගියද මෙම ස්ථානයේ සැබෑ හිමිකාරිනිය වී ඇත්තේ බොලිවුඞ් සුපිරි නිළි ප්‍රියංකා චෝප්රා බව අනාවරණය වී ඇත. Vastu Precinct ගොඩනැගිල්ලේ මෙම සම්පූර්ණ තට්ටුවේම හිමිකාරිනිය වන්නේ ප්‍රියංකා චෝප්රා ය. ඇයගේ මවට අයත් වෛද්‍ය සායනයද මෙම රූපලාවන්‍යාගාරයට යාබදවයි පවත්වාගෙන ගොස් ඇත.

මෙම රූපලාවාන්‍යාගාරය ආරම්භ කිරිමට ගොඩනැගිල්ලේ කොටසක් කුලී පදනම යටතේ ප‍‍්‍රියංකා චෝප්රා විසින් මනික් සෝනි නම් පුද්ගලයෙකුට ලබා දී ඇති බවට තොරතුරු වාර්තා වේ. නමුත් මේ වන විටත් මනික් සෝනි නම් පුද්ගලයා සොයා ගැනීමට පොලීසිය අසමත්වී ඇත.

රූපාලාවන්‍යාගාරයේ ලියකියවිලි ඔහු භාරයේ ඇති නිසා මනික් සෝනි සොයාගත් පසුව කරුණු සලකා බලා පි‍‍්‍රයංකාට එරෙහිව කි‍‍්‍රයාකරන බව පොලීසිය පවසයි.

මේ පිළිබදව කරුණු දැනගැනීමට ඉන්දියානු මාධ්‍ය පි‍‍්‍රයංකාව සම්භන්ධ කරගැනීමට උත්සහ කර ඇතත් එය මේ වන තුරුම සාර්ථක වී නැහැ.

Connet With Us