ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo) Featured

Published in අනං මනං
Tuesday, 06 August 2024 12:58

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙනෙන චරිතයක්. දිනෙන් දින උණුසුම් පුවත් මවමින් හිටපු මාධවී වත්සලා ගෙන් තවත් උණුසුම් පුවතක් ඇවිත්.

මේ වන විට මාධවී සහ කසුන්ගේ කැදැල්ල අලුත් වෙලා තියෙනවා. මාධවී ළගදිම මව් පදවිය ලබන්න සූදානම් ඇය ‌තම සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙසින් එය පවසා තිබුණා.  

උපන්දින ආරංචිය ?
----------------------------------
බෝනිකි සුරතල් කාලෙ ඉඳන් ඉස්සර
මල්වර නැකතින් අවසර ලත් දා සිට
දහසක් බාදා ආවත් නොගෙන කමකට,
පෙරුම්පුරාගෙන රැකගත්ත...
පිළිගත්ත...
කල් රැක්ක...
සුදුම හීනෙට අනේ පණ ඇවිත්...
මයෙ කුස පිණෙන් පිරුණා!

පත්තිනි අම්මගෙ පිහිටෙන් කිරිඅම්මලා කැන්දන්න,
දේව මෑණිගෙ අනුහසින් ජේසු බබා වගෙ තුරුලට ගන්න,
ඉඳිකටු තුඩින් කිරි සුවඳට පුංචි ගවුමක මල් අඳින්න,
හුස්ම ටික හරි පුදා රැකගන්න මටත් අවසර දී ඇවිත්!

කසුන් කුමරු වරමින්
"අප්පච්චි දෙවි" පිහිටෙන්
හෙට මව් රැජිනක් වී
ආදරේ පණ ගැහෙන සාක්කියට
ආඩම්බරෙන් දිවි දෙන්න...

සියළු දෙවියෝ රැකගනීවා!
සුවය සවි බල දිරි ගෙනේවා!
හිත් නිවී සතුටින් පිරේවා!
ආවඩා ආයුබෝ වේවා!!!

 

11111

222222222222

33333333333

5555555555

(photo) සමාජ මාධ්‍ය ඇසුරිණි.

Last modified on Tuesday, 06 August 2024 14:08

ක්‍රීඩා

Connet With Us