ලෝක කොස් දිනය අදයි

Published in අනං මනං
Thursday, 04 July 2024 09:28

ලෝක කොස්(වරකා) දිනය අද(04) වැනිදාට යේදී තිබෙනවා.

බත් වෙනුවට තිබෙන හොඳම ආදේශකය කොස් යැයි කීවොත්, දෙසැරයක් නොසිතාම ඔබ එය අනුමත කරනවා. ඊට හේතුව වන්නේ මෙහි ඇති පෝෂණ ගුණයයි. වර්ධක අවධියට අනුකූලව මැල්ලුම් පොලොස්, ඇඹුල් පොලොස්, කිරි කොස් මාලුව, කොස් වෑංජනය ආදී වශයෙන් සකසා ආහාරයට ගත හැකි නිසා “බත් ගස” යනුවෙන් ද හදුන්වනවා. එපමණක් ද නොව එළවළුවක් ලෙස මෙන් ම ප්‍රනීත පලතුරක් ද වෙනවා. 

කොස් ගෙඩියේ වටිනාකම ලොවට කියාපෑම සඳහා මෙලෙස සෑම වසරකම දිනයක් වෙන්කර තිබෙනවා. අමු කොස් ප්‍රනීත ව්‍යංජනයක් ලෙසත් ඉදුණු විට වරකා අමුවෙන් ආහාරයට ගත හැකිවීමත් ශාක පදනම් වූ ආහාර වේලක් අනුගමනය කිරීමට උත්සාහ කරන අය සඳහා කොස් එසේත් නැතිනම් වරකා ඉතාම පෝෂ්‍යදායී ආහාරයක්.


ප්‍රථම වරට 2016 වසරේදී කොස් (වරකා) ගෙඩිය සඳහා දිනයක් වෙන්වුණු අතර එතැන් සිට සෑම වසරකම ජූලි 4 වැනිදා දින ලෝක කොස් (වරකා) දිනය සමරනු ලබනවා.

 

විටමින් සහ ප්‍රතිඔක්සිකාරක වලින්පිරි පළතුරක් වන වරකා දකුණු හා අග්නිදිග ආසියාවේ ඇතැම් රටවල්වලට අවේනික පළතුරකි, නමුත් 1888 වසරට පෙර හවායි දුපත්වලද කොස් ශාකය ව්‍යාප්ත කිරීමට උත්සාහ දරා තිබෙනවා.

 

Last modified on Thursday, 04 July 2024 09:30

ක්‍රීඩා

Connet With Us