තැපැල් දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිලි විදේශීය සමාගම්වලට විකිණීමට විරෝධය පලකරමින් දීවයින පුරා තැපැල් සේවකයින් ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය අද දිනටත් (11)ත් ක්‍රියාත්මක වෙයි.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත අද(11) යළි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

කොවිඩ් වසංගතය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පොලිස් මහජන සහන දිනය නැවත ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තීරණය කර තිබේ.

කෘත්‍රීම බුද්ධිය හෙවත් AI තාක්ෂණය මෙරටට ගෙන ඒමට සහ විද්‍යාත්මක හා තාක්ෂණ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාම වෙනුවෙන් මෙරට ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල පසුගිය අයවැයෙන් වෙන් කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

දික්කසාද ලබා ගැනීම වඩාත් පහසු කෙරෙන පනත් කෙටුම්පත් තුනක් ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සත්‍යය, සමඟිය සහ සංහිඳියාව සඳහා ස්වාධීන කොමිෂන් සභාව පිහිටුවීමට රජය තීරණය කර තිබේ. මෙය ඓතිහාසික පියවරක් වෙනු ඇත. සංක්‍රාන්තික යුක්තිය සහ පශ්චාත් ගැටුම් ප්‍රතිසන්ධානය සඳහා මෙම යෝජිත කොමිෂන් සභාව පාර්ලිමේන්තු පනතක් හරහා පිහිටුවනු ලබන අතර, අදාළ පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කර සංකල්ප පත්‍රිකාවක් ලෙස දැනට කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලියේ පවතී.

ගල්කිස්සේ සිට යාපනය සහ කන්කසන්තුරේ දක්වා උතුරු මාර්ගයේ ධාවන කරන ‘යාල් නීලා’ දුම්රියයේ රාජ්‍ය සේවක දුම්රිය බලපත්‍ර (වොරන්ට්) මගින් පළමු සහ දෙවැනි පංතියේ ආසන වෙන්කිරීමේ පහසුකම් දීමට තීරණය කළ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉඳිපොලගේ පවසයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us