මේ ගමන කඩාකප්පල් කිරීමට උත්සාහ කළ අය තමන්ගේ දරුවන් ඉදිරියේ ලැජ්ජාවට පත් වේවි - ජනාධිපති ජාතිය අමතා කළ ප්‍රකාශය
අද (26) පෙරවරුවේ පැරිස් නුවරදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවසන් එකඟත්වයට එළැඹුණු බවත්, එමෙන්ම චීනයේ එක්සිම් බැංකුව සමඟ ද අද බෙයිජිං නුවරදී අවසන් එකඟත්වයට පැමිණි අතර ඊට අදාළ වන විධිමත් ක්‍රියා පටිපාටීන් මේ වන විට සිදුකෙරෙමින් පවතින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
අර්බුද විසින් නායකයන් බිහි කරනු ලැබේ යැයි කියන්නේ අර්බුදය විසඳීම සඳහා විසදුම් යෝජනා රැගෙන කවුරු හෝ ඉදිරිපත්වන බව පමණක් නොවේ. ඒ සඳහා වැඩපිළිවෙලක් සහ ඊට ධෛර්යමත් භාවයක් තිබීමය. එය ක්‍රියාත්මක කිරීම හරහා අර්බුදය විසින් සැබෑ නායකයන් බිහිකරයි.
,efna ශ්‍රී ලංකාව මෙරට ද්වීපාර්ශික ණයහිමියන්ගේ නිල කමිටුව සමග අමෙරිකානු ඩොලර් බිලියන 5.8ක ණය ප්‍රතිව්‍යුහගතකරණ අවසන් එකඟතාවට එළඹී තිබේ.
කම්කරු හා විදේශ රැකියා අමත්‍යංශයේ දීපව්‍යප්ත ජංගම සේවාවේ මඩකළපු දිස්ත්‍රික් වැඩසහන ජූනි 28 – 29 දෙදින තුළ මඩකළපුව හින්දු විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.
ණය ආපසු ගෙවීම සදහා ශ්‍රී ලංකාවට 2028 දක්වා සහන කාලයක්..! 2042 ට පෙර ණය ගෙවා අවසන් කළ යුතුයි..
ද්වී පාර්ශ්වික ණය හිමියන් සමග අද අත්සන් කිරීමට නියමිත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුමට අනුව, ණය ආපසු ගෙවීම ආරම්භ කිරීම සදහා 2028 දක්වා සහන කාලයක් ලබා ගැනීමට රජය අපේක්ෂා කරන බව වාර්තා වේ.
හැටන් කොළඹ සහ හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ රථ ධාවනයේදි සැලකිලිමත් වන ලෙස උපදෙස්
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වර්ෂාව සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ග වලට පස් කදු සහ ගස් කඩා වැටිමේ අවදානමක් පවතින බව හැටන් කොට්ඨාශ භාර පොලිස් අධිකාරි නිපුණ දෙහිගම මහතා පවසනවා.
බෙංගාල බොක්කේ, නිකෝබා දූපත් ආශ්‍රිතව රිච්ටර් මාපකයේ ඒකක 5.7ක ප්‍රභල භූකම්පනයක් සිදුව තිබෙන බව වාර්තා වනවා.
අද දහවල් පැවැත්වීමට නියමිතව තිබූ ගුරු - විදුහල්පති විරෝධයට සම්බන්ධ වන පුද්ගලයින් කිහිපදෙනෙකුට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ආඥාවක් නිකුත් කර තිබේ.