සංජීව ඝාතනයේ සැකකරු යුද හමුදා සෙබළෙක් නොවන බවට අනාවරණයක්

Published in පුවත්
Thursday, 20 February 2025 10:11

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු යුද හමුදා කර්මාන්ඩෝ සෙබළෙක් හෝ බුද්ධි නිලධාරියෙන් නොවන බව ආරංචි මාර්ග පවසයි.

ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු මූලක පුහුණුවෙන් අනතුරුව යුද හමුදාවෙන් පළාගිය අයෙකු බව යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

කෙසේවෙතත් ඔහු කමාන්ඩෝ සෙබළෙකු හෝ බුද්ධි නිලධාරියෙකු නොවන බවද සඳහන්ය.

යුද හමුදා ⁣පුහුණුව අතරතුර පළාගිය අදාළ සෙබලා පසුව පොදුසමා කාලය යටතේ යුද හමුදාවෙන් නීත්‍යනුකූලව ඉවත් වී ඇති බවද යුද හමුදා ආරංචි මාර්ග පවසයි.

ඉන් පසුව ඔහු විවිධ අපරාධවලට සම්බන්ධ වී ඇති බවද වාර්තා වේ.

සැකකරු මනුෂ්‍ය ඝාතන 06කට පමණ සම්බන්ධ වී ඇති අතර දෙහිවල වටරප්පල ද්විත්ව ඝාතනයටද මොහුගේ සම්බන්ධයක් පවතින බව පොලීසිය සැක පළ කරයි.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණය තුළ ගණේමුල්ලේ සංජීව වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලීසිය නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණ මෙම ඝාතනය සිදුකළ පුද්ගලයා පිළිබඳවද මේ වනවිට කරුණු අනාවරණය කරගෙන තිබේ.

ඒ අනුව අදාළ වෙඩික්කරු ඉකුත් මස 7වනදා ගල්කිස්ස, වටරප්පල ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතතය කිරීමට පැමිණි වෙඩිකරු බව පොලීසිය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් ඊයේ (19) පස්වරුවේ දී අත්අඩංගුවට ගනු ලැබූ ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ගැන කරුණු රැසක් අනවාරණය කරගැනීමට පොලීසිය සමත්ව සිටියි.

ඔහු පිළිබඳ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසා සිටියේ, පුත්තලම පාලවිය ප්‍රදේශයේ අත්අඩංගුවට ගනු ලැබූ මෙම පුද්ගලයා නම් කිහිපයකින් පෙනී සිටි අයෙකු බවයි.

ඔහු සතුව හැඳුනුම්පත් කිහිපයක් තිබෙන බවත්, ඒ අතර නීතිඥවරයෙක් වශයෙන් කටයුතු කරන බවට සකසන ලද නීතිඥ හැඳුනුම්පතක් තිබෙන බවද පැවසීය.

එමෙන්ම ඔහු පළමු අවස්ථාවේදී මොහොමඩ් අස්මාන් ෂෙරිෆ්ඩීන් නමින් පෙනීසිට ඇති අතර, පසුව සමිඳු ඩිල්ෂාන් පියුමංග කඳනආරච්චි යන නම භාවිතාකර ඇත.

ඔහු ව්‍යාජ ලෙස සැකසූ නීතිඥ හැඳුනුම්පතක්ද පොලීසිය විසින් සොයාගෙන ඇති අතර, කොඩිකාරගේ කසුන් ප්‍රභාත් නිශ්ශංක යන නම එහි සඳහන්කර ඇත.

ගණේමුල්ල සංජීව ඝාතනය පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසයට විසින් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඒ අනුව ඉදිරි විමර්ශනවලදී මෙම සැකකරු සම්බන්ධ සැබෑ තොරතුරු සහ ඔහුට ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් සියලු දෙනා පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවනු ඇති බවද හෙතෙම පැවසීය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us