ඇතැම් ප්‍රාදේශිය සභා හා නගර සභා මන්ත්‍රීන් කොමිස් ගසතියි උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතා උකුවෙල සම්බන්ධිකරණ කමිටු රැස්වීමේදී මෑතකදී කළ කතාව ප්‍රසිද්ධීයේ ඉල්ලා අස් කරගත යුතු යැයි මාතලේ ප්‍රාදේශිය සභා රැස්වීමේදී උප සභාපති නිමල් ජයවර්ධන මහතා පැවසීය.

මෙරට සෑම පුද්ගලයින් 4 දෙනෙකුගෙන් එක් අයෙකුට අධික රුධිර පීඩනයට ගොදුරු වීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ නිළ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් දකුණු කොරියානු රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙන්තුවක් නිකුත් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (14) නියෝග කළේය.

සංචාරක වීසා මගින් ලංකාවට පැමිණ ව්‍යාජ ලෙස සකස් කරන ලද ක්‍රෙඩිට් කාඩ්පත්වලින් මෙරට බැංකු පද්ධතියේ මුදල් සොරා ගනිමින් සිටි තුර්කි ජාතිකයන් දෙදෙනෙකු සහ යුක්රේන් ජාතික කාන්තාවක එසේ සොරාගත් රුපියල් එක් කෝටි විසිපන් ලක්ෂයකට ආසන්න මුදල් සහ ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් 32ක් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුදල් විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ඡන්දදායකයින් ලියාපදිංචි කිරීමේ දී අක‍්‍රමිකතා සිදුවන බව එක්සත් ජාතික පක්‍ෂය චෝදනා කරයි. එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍ර‍්‍රී එරාන් වික‍්‍රමරත්න මහතා ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ හොර ඡන්ද දැමීම වෙනුවට හොර ඡන්ද ලැයිස්තු මගින් මැතිවරණ ජයග‍්‍රහණය කිරීමට ආණ්ඩුව උත්සහ දරන බවයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ප‍්‍රචාරක කටයුතුවලට ත‍්‍රිමාණ තාක්ෂණය යොදා සැකසූ දැවැන්ත පුවරු යොදා ගැනීමට තීරණය කර ඇත.

"ආකේඩ් - නිදහස් චතුරස්‍රය" (Arcade Independent Square) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) පස්වරුවේ ජනතා අයිතියට පත් කෙරිණි.

ශ්‍රී ලංකා වේලාවෙන් අද (14) අලුයම පැවති ලෝක කුසලාන අවසන් උළෙල වර්ණවත් කරමින් ආකර්ෂණීය ඉදිරිපත්කිරීමක් කරන්නට පොප් ගායිකා ශකිරා සමත් විය.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us