ගම්පහ හා කොළඹ දිස්ත්‍රික්කවලින් HIV ආසාදිතයන්ගේ සංඛ්‍යාවේ වැඩිවීමක් දැකිය හැකි බවත්, 1987 වසරේ සිට 2013 දක්වා HIV ආසාදිතයන් 1845ක් වාර්තා වී තිබෙන බවත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (21දා) ප‍්‍රකාශ කෙළ්ය.

ඉස්ලාම් රජය යනුවෙන් හඳුන්වමින් සිරියාවේ සහ ඉරාකයේ සටන් වැදී ඉන්නා පිරිසක් විසින් පසු ගියදා ඇමෙරිකා මාධ්‍යවේදියෙකු වූ ජේම්ස් ෆොයිලි අමානුෂික අන්දමට ඝාතනයකරනු රූපගත කර ප්‍රසිද්ධියට පත්කර ඇති අන්දම පිළිබඳව අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය විදේශ ඇමති පිලිප් හැමන්ඩ් පවසන්නේ ඉස්ලාම් රජය හෙවත් අයිඑස්අයිඑස් කණ්ඩායම බටහිර ලෝකයේ සියලුම රටවලට අති විශාල තර්ජනයක් බවට පත්වී ඇති බවයි.

නුවර එළියේ නගර මධ්‍යයේ  පිහිටි ග්‍රෙගරි වැවේ තලගල ඔය හා නානු ඔය යන ඇළවල් සම්බන්ධ කර ගෙන ඉදි කරන ලද ග්‍රෙගරි වැවේ සොරොව්වේ දිය කාන්දු 07 ක් මේ වන විට දැක ගත හැකිය.

නාත්තණ්ඩිය - දෙමටපිටිය ප්‍රදේශයෙන් ගලා බස්නා පාර - ඇළ ඕලන්ද ඇළ ආශ්‍රිතව මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීතිවිරෝධී කසිප්පු ස්කාගාරයක් වැටලීමට මාරවිල පොලිසිය සමත් වේ.

වසරකට අමෙරිකානු ඩොලර් බිලියන හත ඉක්මවා යන අති විශාල මුදල් කන්දරාවක් විදෙස්ගත ශ්‍රමිකයන්ගෙන් මෙරටට ලැබෙන බව ජ්‍යෙෂ්ඨ ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා පවසයි. මෙම අමෙරිකන් ඩොලර් බිලියන හත දහය දක්වා වැඩිකර ගැනීම රජයේ ඉලක්කයයි. තවද එවැනිම විශාල ආදායමක් ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයෙන් සහ සංචාරක ක්ෂේත්‍රය වැඩිදියුණු කිරීම තුළින් ලැබෙන බවද ඇමැතිවරයා ‍පවසයි.

පිටකොටුවේ ගුණසිංහපුර කහඉර මතදී ගැබිනි කාන්තාවක යටකර මාරක අනතුරක් සිදුකළ පුද්ගලික රෝහල් අධ්‍යක්ෂකට වසර පහකට අත්හිටවූ මාස 6ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් කොළඹ රථවාහන අධිකරණයේ මහේස්ත්‍රාත් දුලානි වීරතුංග මහත්මිය ඊයේ(21) නියෝග කළාය.

ආණ්ඩුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන යෝජිත බෞද්ධ විහාර හා දේවාලගම් පනතට එක්සත් ජාතික පක්ෂයේ සහ කෝට්ටේ ශ්‍රී නාග විහාරාධිපති ‍පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ විරෝධය පළ විය.

උතුරු පළාත් සභා මන්තී‍්‍රනි ආනන්දි සෂිදරන් මහත්මිය පළාත් සභා මාසික සභා වාරය වෙනුවෙන් ඊයේ  (21) පා පැදියෙන් පැමිණියාය. 

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us