පසුගිය ජනාධිපතිවරණයේදී රාජපක්ෂ මහතාගේ දේශපාලන ව්‍යාපාරය සඳහා දිවිනැගුම දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 1862.42 ක මුදලක් විදම් කර තිබෙන බවත් එම මුදල නැවත ලබාගන්නා ලෙසත් ඉල්ලා ශ්‍රී ලංකා නිදහස් සමෘද්ධි පොදු කම්මරු සංගමය ඊයේ (21දා) විරෝධතාවක නිරත විය.

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ හා විදේශ කටයුතු අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතාගේ විදේශ ගමන් තාවකාලිකව අත්හිටුවන ලෙසට අල්ලස් කොමිසම ආගමන විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ.

තමන් තවදුරටත් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වන බව හිටපු යුධහමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසයි. 

වැලිකඩ බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් වහාම සිවිල් නිලධාරීන්ගෙන් සමන්විත පරික්ෂණ කමිටුවක් පත් කළ යුතු බව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරයි. එහි විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවක දී මේ බව පැවසීය.

දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගේ දැඩි ඉල්ලීම මත සියලුම ජාතික පාසල්වල පාසල් පැවැත්වෙන කාලසීමාව පෙ.ව.7.30 සිට ප.ව 1.30 දක්වා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

2012 වර්ෂයේ නොවැම්බර් 26 දින රාත්‍රියේ කොළඹ පැරැණි කච්චේරි ගොඩනැඟිල්ල ගිනි ගැනීම ගැන විශේෂ විමර්ශනයක් කළ යුතු යැයි ශ්‍රී ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසයි.

ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කළ 'දිවිනැඟුම' ව්‍යාපෘතියේ ඇට, පැළ බෙදා දීම සඳහා රුපියල් කෝටි 500ක් වියදම් කිරීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදු කළ යුතු බව ශ්‍රී ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසයි.

ජනාධිපතිවරණය දා රාත්‍රියේ රාජපක්ෂ ආණ්ඩුව බලය ඩැහැගැනීමේ කුමන්ත්‍රණය සඳහා ගජබා රෙජිමේන්තුවේ බළඇණි 07ක් යොදවා තිබුණු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us