ජනවාරි 8 වැනි දා ලැබුණු ජන වරම විවිධ පැතිවලින් විශේෂත්වයක් ගනී. මීට පෙර, පොදු අපේක්ෂකයෙකු හෝ සන්ධාන අපේක්ෂකයෙකු වශයෙන් ඇතැමුන් ජනාධිපතිවරණවලට ඉදිරිපත් වූ අවස්ථා තිබුණත්, ඒ හැම විටකම ඒ පුද්ගලයන් කුමන හෝ පක්ෂයක නායකයෙකු හෝ නායිකාවක් වුණි. එහෙත් මෛත්‍රීපාල සිරිසේන පසුගිය ජනාධිපතිවරණයේ දී තරග කෙළේ සන්ධානයකින් වුවද, ඒ අවස්ථාවේ ඔහු කිසි පක්ෂයක නායකයෙකු නොවුණු හෙයින්, එදා ඔහු පෙනී සිටියේ පොදුවේ මුළු රටේම ජනතාව වෙනුවෙනි. එපමණක් නොව, වෙනත් පක්ෂයක නායකයෙකුව අගමැති තනතුරට යෝජනා කළ පළමු අවස්ථාවත් එයයි. තවද, තමා ජයග්‍රහණය කළොත් අනිත් පක්ෂවලටත් එම අළුත් ආණ්ඩුවට එක් වන ලෙස ආරාධනා කරමියි ඔහු පොරොන්දු විය. මේ රටේ දේශපාලන ඉතිහාසය දෙස බැලීමේදී මේ සියලූ දේවල් අසාමාන්‍ය කාරණා වන්නේය.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 112ක් අත්සන් තබා ඇතැයි විපක්ෂය විසින් කියන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාස බංගය ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් නිකුත් කළ නිවේදනයේ කියැවෙන්නේ '... මෙතරම් මන්ත්‍රීවරු ප්‍රමාණයක් අත්සන් තැබීම පුදුමයට කරුණක් නොවන බවය..' ඒක හැබෑය. හරිනම් තව තිස් හතලිස් දෙනෙකුවත් මීට අත්සන් තැබිය යුතුය. මන්ද එක්සත් ජාතික පක්ෂයේ අගමැතිවරයාට ඇති පාර්ලිමේන්තුව තුල ඇති බලය මන්ත්‍රීවරු 45ක පමණ ප්‍රමාණයක් වීමය. මන්ත්‍රීවරු හතලිස් ගනනක ආණ්ඩුවක අගමැතිවරයකුට එරෙහිව ඉතිරි එකසිය අසූවක පමණ පිරිසම අත්සන් නොකිරීම ගැටලුවකි. එම ගනන හිලවු අනුව අගමැතිවරයාව විස්වාස කරන තවත් 70ක පමණ පිරිසක් පාර්ලිමේන්තුවේ සිටී.. එයද පුදුමයට කරුණකි.

බ්‍රසීලයේ රෝහලක සිදු කරපු  මොළයේ ශල්‍යකර්මයක් අතරතුර ගී ගයමින් ගිටාර් වාදනයක යෙදුනු පුද්ගලයෙකු ගැන වාර්තා වෙනවා.

දිය ගෙන යෑම සඳහා පමණක් බිරියන් ලෙස පැමිණෙන ගැහැනු ද තම රාජකාරිය දේවකාරියක් සේ ඉටු කරති. ඊට හේතුව වන්නේ ඔවුන් වැන්දඹු හෝ සැමියන් අත්හැර ගිය ගැහැනුන් වීමය. සිය ප්‍රධාන රාජකාරියට අමතරව ඔවුනට පවුලේ ප්‍රධාන බිරියගේ අණසකට ද යටත්වීමට සිදු වේ. ඔවුනට පවුලේ දේපළට උරුමකම් කීමට නොහැකිය. එසේම පළමු බිරිය ජීවත්ව සිටින තාක් කල් සැමියා හා යහන්ගත වීම ද තහනම්ය.

පසුගිය 06 (2015-06) වන දින ‘‘ජාතික ගැටලුවට විසඳුමක්’’ යන මැයෙන් කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ පැවති සම්මන්ත්‍රණයේ දී ෂෙරාඩ් පියතුමා දැක්වු කරැණු අපි මීට පෙර ඉදිරිපත් කළෙමු. අද අපි ඉදිරිපත් කරන්නේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මකෝ ගනේෂන් මහතා එදින ඉදිරිපත් කළ අදහස් ඇසුරෙන් සකසන ලද ලිපියකි.

ගූගල් සෙවුම් ප්‍රතිඵලයක් ලෙස ලොව දරුණුම අපරාධ කරුවන් දස දෙනා අතරට ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩිගේ නම දිස් වී ඇතැයි වාර්තා වේ.

අපේ රටේ දැනට සත්වෝද්‍යාන දෙකක් පිහිටා තිබෙනවා. දෙහිවල සත්වෝද්‍යානයට අමතරව මේ මෑතකදී පින්නවල ප්‍රදේශයේත් එළිමහන් සත්වෝද්‍යානයක් පිහිටෙව්වා ඔබට මතක ඇති.

‘‘ජාතික ගැටලුවට දේශපාලන විසඳුමක්’’ යන මැයෙන් විවෘත සාකච්ඡාවක් පසුගිය 30 වන දින (2015-05-) කොළඹ 07 නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ දී පැවැත්විණි.

එහි දී අදහස් ඉදිරිපත් කළ ෂෙරාඩ් පියතුමා සිය අවධානය යොමු කළේ මේ රටේ විදේශ විනිමය උපයන තුන්වන ශ්‍රම බලකාය වන වතු කම්කරුවන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙනි. සැබැවින් ම අපි කිසිවකු මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොකරන බව සහ ඒ පිළිබඳ දැනුවත් භාවයක් නැති බව ඒත්තු ගියේ එතුමාගේ කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව ය. එහෙයිනි එතුමාගේ අදහස් දැක්වීම් මෙලෙස ඉදිරිපත් කිරීමට අදහස් කළේ.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us