සතුටින් සිටින්න -නිරුවතින් නිදන්න

Published in අනං මනං
Tuesday, 01 July 2014 05:30

නිරුවතින් නිදාගන්නා අඹු සැමියන් වඩා තෘප්තිමත් ජීවිත ගෙවන බවට නවතම අධ්‍යනයකින් අනාවරණය වී තිබේ.

කොට්න් යූ.එස්.ඒ ආයතනය විසින් මෙම සමීක්ෂණය සිදුකර ඇති අතර ඒ සඳහා බි‍්‍රතාන්‍ය ජාතිකයන් 1007 දෙනෙකු යොදාගෙන තිබේ.

රාත‍්‍රියේදී නිරුවතින් සයනයට යන පුද්ගලයන්ගෙන් 57%ක් පවසා ඇත්තේ ඔවුන් තම සහකරුවා හෝ සහකාරිය සමග තෘප්තිමත් ජීවිත ගත කරන බවයි.

පිජාමා අඳින්නන්ගෙන් 48%ක්ද රාත‍්‍රි ගවුම් අඳින්නන්ගෙන් 43%ක්ද සිය සබඳතා පිළිබඳව සතුටට පත්වෙන බව පවසා ඇති අතර ශරීරය සම්පූර්ණයෙන් වැසෙන සේ ඇඳුම් හැද නිදාගන්නන්ගෙන් ජීවිතය තෘප්තිමත් බව පවසා ඇත්තේ 38%ක් පමණක් බව පැවසේ.

කොට්න් යූ.එස්.ඒ පවසන්නේ සමීක්ෂණයට ලක් කළ පුද්ගලයන් 10කින් 4 දෙනෙකුම නිරුවතින් නිදාගන්නන් බවයි.

වයස අවුරුදු 55ට වැඩි පුද්ගලයන්ගෙන් අඩකට ආසන්න ප‍්‍රමාණයක් 45%ක්ම ඇඳුම් රහිතව සයනයට යන බවද හෙළිවී තිබේ.

33 හැවිරිදි ස්ටීවන් මැකන්සි පවසා ඇත්තේ අවසන් සයවසර තුළ නිරුවතින් නිදාගැනීම ඉතා සැනසිලිදායක කටයුත්තක් වූ බවයි.

ජීවිතය තෘප්තිමත් කරගැනීමේදී නිදන කාමරයේ පරිසරය සකස් කරගැනීම බොහෝදෙනෙකු අතින් අතපසු වන දෙයක් බව කොට්න් යූ.එස්.ඒ හි ස්ටෙෆනි තියර්ස්-රැට්ක්ලිෆ් පවසා තිබේ.

නිරුවතින් නිදාගැනීම මගින් සිරුරට සුමුදු පහසක් ලැබෙනු ඇති බවත් විවෘත බව හේතුවෙන් ලිංගිකව තෘප්තිමත්වීම පහසු වන බවත් ඇයගේ අදහසයි.

(ලංකා සි නිව්ස් )

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us