ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා නීති විරෝධී ප්‍රදර්ශන පත්‍රිකා, ජායාරූප, අත්පත්‍රිකා කටවුට් ඉවත් කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවට තාවකාලික සුළු කම්කරුවන් සේවයට බඳවා ගැනීමට මැතිවරණ කොමසාරිස්වරයාගේ අනුමැතිය හිමිව තිබේ.

රට රැක ගත් වීරෝධාර රණවිරුවන් රටේ විවිධ කටයුතු සඳහා යොදා ගැනුණි. මේ වන විට රණවිරුවන්ට මෙතෙක් නොවූ වන කටයුත්තක් භාර දී ඇත. ඒ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ කටවුට් ‍රැකීමය. මේ වෙනුවෙන් විශේෂ හමුදා කණ්ඩායමක් මේ වනවිට පත් කර ඇති බවට වාර්තා වේ.

ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනතාවට සාධාරණය ඉටු කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට මැදිහත් වන්නැයි තමිල්නාඩු එම්.ඞී.එම්.කේ පක්ෂය යුරෝපා සංගමයෙන් ඉල්ලිමක් කර ඇත.

පාතදුම්බර එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශිය සභා මන්ත්‍රී අතුල බණ්ඩාර ඒකනායක මහතාගේ වත්තේගම, මීගමවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසට කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මුස්ලිම් කොංග්‍රසය ඉදිරි ජනාධිපතිවරණයේදී ගතයුතු ස්ථාවරය සම්බන්ධයෙන් එම පක්ෂය තුළ බෙදීමක් පවතින බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පෙරේදා (08දා) එම තනතුරින් ඉල්ලා අස්වූයේය. ඒ නිසා නායක රනිල් වික්‍රමසිංහ මහතාට පැවරී ඇති බලතලවලට අනුව නව මහලේකම්වරයා ලෙස කබීර් හෂීම් මහතා පත්කර තිබේ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහභාගී වූ පක්ෂ සාමාජික රැස්වීමකින් පසු එම හමුව පැවැත්වූ කටුගස්තොට පල්ලේතලවින්න ප්‍රදේශයේ හෝටලයට ප්‍රහාරයක් එල්ලවී ඇත.

වතුකරය නියෝජනය කරන ප්‍රභල දේශපාලඥයෙකු හා වත්මන් ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන පලනි දිගම්බරන් මහතා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය පළකිරීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ld add copy

Latest News

දෙවන පාසල් වාරය අදින් ඇරඹේ

දෙවන පාසල් වාරය අදින් ඇරඹේ

2026 වර්ෂයේ රජයේ හා රජයේ අනුමත පෞද්ගලික, සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අදින් (20) ආරම්භ වේ.

Connet With Us