කිම් කාඩේෂියන් ගැන සර්ච් කරන්නෙ පරිස්සමෙන්! Featured

Published in Gossip
Friday, 05 October 2018 21:23

2018 වසරේ එක්සත් රාජධානිය තුළ කරනලද ඉන්ටර්නෙට් සෙවුම් අතරින් වැඩිම භයානක නම කිම් කාඩේෂියන් බව මේ වනවිට තහවුරු වී ඇති බව බ්‍රිතාන්‍යයේ සයිබර් ආරක්ෂණ සමාගමක් වන මැකෆී (McAfee) ආයතනය පෙන්වා දෙයි.

ඒ අනුව ජනප්‍රිය රියැලිටි තරුවක් වන කිම් කාඩේෂියන් ගැන නිරන්තරයෙන් තොරතුරු සොයන්නෙකු නම් ඉදිරියේදී පරිස්සමින් කටයුතු කරන ලෙසට ඔවුන් අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

විශේෂයෙන්ම, ප්‍රසිද්ධ චරිතවල නම් අඩංගු ඉන්ටර්නෙට් සෙවුම් ප්‍රතිඵල, වෛරස් අන්තර්ගත වූ හානිකර විය හැකි වෙබ් අඩවි සමග ඈඳී තිබේද යන්න මැකෆී ආයතනය විසින් මැන බලනු ලැබේ.

පසුගිය වසරේ එවැනි සෙවුම්වල ඉහළින්ම දැක්වුණු නම වූයේ ක්‍රෙග් ඩේවිඩ් වන අතර, මෙවර එම සෙවුම් ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ ප්‍රකට නිරූපණ ශිල්පිනී නයෝමි කැම්බල් සිටියි. තෙවැනි ස්ථානයේ පසුවන්නේ කිම් කාඩේෂියන්ගේ සොහොයුරිය වන කර්ට්නි කාඩේෂියන්ය.

ඔවුන් පෙන්වාදෙන පරිදි, සයිබර් අපරාධකරුවන් විසින් ප්‍රසිද්ධ පුද්ගලයන්ගේ නම් සඳහන් ලින්ක්ස් භාවිත කර, ඉන්ටර්නෙට් පරිශීලකයින් රවටමින් වෛරස අඩංගුවිය හැකි හානිකර වෙබ් අඩවි වෙත යොමු කරනු ලබන බවය. පරිගණක වෛරස් ස්ථාපනය කිරීමට මෙන්ම රහස් පද සහ පෞද්ගලික තොරතුරු ලබාගැනීමට එවැනි වෙබ් අඩවි භාවිත කෙරෙන බවද මැකෆී ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙයි.

Leave a comment

worky

worky1

ld add copy

Latest News

පළාත් කිහිපයක උෂ්ණත්වය අද යළිත් ඉහළට

පළාත් කිහිපයක උෂ්ණත්වය අද යළිත් ඉහළට

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම්...

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us