ජපානයට තව අලියෙක්

Published in Gossip
Wednesday, 07 October 2015 12:34

ජපානයේ ඔසාකා සත්වෝද්‍යානයට මෙරට අලි පැටවකු ත්‍යාගයක් ලෙස දීමට අගමැතිවරයා ජපානයට පොරොන්දු වී ඇති බව දැන ගැනීමට තිබේ.

එහෙත් අලි පැටවා දෙන්නේ කොහොමදැයි තීරණය කර ගැනීමට නොහැකිව මෙරට බලධාරීන් අලි අමාරුවක වැටී ඇත. මන්ද මෙරට අලි පැටවකු විදේශීය රාජ්‍යයකට ලබා දෙන්නේ නම් අනුගමනය කළ යුතු නීති රීති සමූහයක් ඇති බැවිනි.

පසුගිය රාජපක්ෂ රෙජීමය සමයේදී හිතුමතේ මෙවැනි දේ සිදුවූ අතර ඒවාට වන්දි ගෙවන්නට සිදුව ඇත්තේ දේශපාලකයන්ට නොව බලධාරීන්ටය. මෙවර බලධාරීන් වුව දේශපලකයන්ට ඕනෑ හැටියට කටයුතු කිරීමට මැලිව තිබේ. විශේෂයෙන් අලි පැටැව් ජාවාරම තවමත් සහසුද්දෙන්ම විසඳා ගැනීමට නොහැකිවද තිබෙන කාලයක අලි සෙල්ලම පරිසමෙන් කළ යුතුව තිබෙන්නකි.

කොහොම නමුත් මේ අලි පැටවා ජපානයට යන හැටි අපි ද බලන් ඉන්නෙමු.

 

Last modified on Wednesday, 07 October 2015 14:39

Leave a comment

ld add copy

Latest News

පොලිස් නිලධාරීන් 4,308 ක් සේවයෙන් ඉවතට

පොලිස් නිලධාරීන් 4,308 ක් සේවයෙන් ඉවතට

2020 වසරේ සිට මෙම වසරේ ජූනි 24 දක්වා වූ වසර 7කට ආසන්න කාලසීමාව තුළ විවිධ හේතූන් මත පොලිස් නිලධාරීන්...

Connet With Us