කෙට්ටු අයට මහත බෑග් - මහත අයට කෙට්ටු බෑග්

Published in Gossip
Tuesday, 07 April 2015 17:07

මේ දවස වල ගජරාමෙට අලුත් අවුරුදු සමරන්න ලෑස්ති වෙනවා ඇති. සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව ඇඳුම් ගන්නවා ඇති. බෑග් ගන්නවා ඇති.

මේ කාලේ පවතින අධික තදබදය නිසාම වැඩිය සෙවිල්ලක් බැලිල්ලක් නැතුවම බඩු ගන්න අපි පෙළඹෙනවා. එහෙම කලබලේට අරගෙන පාවිච්චි නොකර ගෙදර තියෙන බඩු කොච්චර තියෙනවද. මේ නිසා ඕනෑම දෙයක් මිලදී ගන්න පෙර තමන්ට ගැලපෙනවද කියල හොඳින් බලලා ගන්න එක වැදගත්. ගමන් මල්ලක් ගන්න ගියත් මේ කරණය අදාලයි. අනිත් කාරණය හෑන්ඩ් බෑග් එකක් හෝ තමන්ගේ පාවිච්චිය සඳහා ගන්නා කුමන හෝ බෑගයක් තේරීමේදී මේ කරනා ගැන හිතනවානම් හොඳයි.

පළමුවෙන්ම කියන්න ඕන ඇඳුමක් වගේම ගමන් මල්ලත් පළඳා කණ්නාඩියකින් හැඩ බලනවානම් හොඳයි. එතකොට තේරුම් ගන්න පුළුවන් තමන්ට ගැලපෙනවද නැද්ද කියලා. ඒවගේම තමන්ගෙ අවශ්‍යතාවය මොකක්ද කියල බෑග් එකක් මිලදී ගන්න කලින් බැලිය යුතුයි. සමහර බෑග් පිටතින් විශාල උනත් ඇතුලත් පවතින්නෙ කුඩා ඉඩක්. වගේම කුඩා උනත් ඇතුලත් ලොකු ඉඩකඩක් සහිත බෑග් වෙළඳ පොළේ තියෙනවා. තමන් ගොඩක් බඩු රැගෙන යන කෙනෙක් නම් ඒ සඳහා ගැලපෙන වැඩි ඉඩකඩක් සහිත බෑගයක් මිලදී ගන්න පරිස්සම් වෙන්න. නැත්තම් සිද්ද වෙන්නෙ බෑග් එකේ ඉඩ මැදිවෙලා තව තව බෑග් අතින් කටින් එල්ලගෙන යන්න.

රෙදි වලින් මැසූ බෑග් අද කාන්තා පිරිස බොහෝ විට පාවිච්චි කරනවා. මෙවැනි බෑග් කුණු, දූවිලි තැවරුණු විට සෝදා පිරිසුදු කිරීමට පහසු අතර අලංකාර නිමාව නිසා වැඩි වටිනාකමක් ද ලැබෙනවා. එතරම් මුදලක් වැය නොකොට තමාටම නිවෙසේ දී සකසා ගත හැකි මෙවැනි අත් බෑගයක් ඔබේ මුදල ඉතිරි කරනවා පමණක් නොවෙයි හිතටත් කිසියම් සතුටක් ගෙනදේවි.

එමෙන්ම පාසල් යන දරුවන්ට විවිධ හැඩැති බෑගයකට වඩා සුදුසු වන්නේ ශක්තිමත් සහ පහසුවෙන් රැගෙන යා හැකි බෑගයකි. මේ සඳහා රෙදි සහ හම් වලින් තැනූ බෑග් වඩාත් සුදුසු අතර කුණු, දූවිලි සෝදා පවිත‍්‍ර කළ හැකි එකක් විය යුතුය. සාමාන්‍යයෙන් හම් බෑග් සෝදා වියළා පසුව එම වර්ණයෙන්ම පොලිෂ් වර්ගයක් ආලේප කළ විට අලුත් පැහැයෙන් බබළනවා පමණක් නොව දිගු කාලයක් ද පාවිච්චි කළ හැකියි.

සාමාන්‍යයෙන් විවිධ විදියේ බෑග් වර්ග පාවිච්චි කරන්නෙ කාන්තාවන්. මේ නිසාම තමන්ගේ සිරුරේ හැඩය හා ප්‍රමාණය අනුව බෑග් එකක් තෝරාගන්නා විදිය ගැනත් කියන්න අපි හිතුවා.

උස සහ කෙට්ටු යුවතියන් සඳහා
ඔබත් උස කෙට්ටු යුවතියක් නම් වැඩ ගැලපෙන්නේ පහත ආකාරයේ එල්ලා වැටෙන ස්වරූපයේ උසට වඩා වැඩි පළලකින් යුතු ගමන් මල්ලක්. 

bag1

කුඩා සිරුරක් සහිත යුවතියන් සඳහා
සාමාන්‍යයෙන් සිරුරින් කුඩා කෙනෙක් සඳහා ඉතා විශාල ගමන් මල්ලක් ගැලපෙන්නෙ නෑ. ඒවගේම දිගු පටියක් සහිත ගමන් මල්ලකුත් නොසුදුසුයි. එවැනි බෑග් එකකින් ඔබ තවත් කුඩා කර පෙන්වනවා.

තරබාරු අය සඳහා
මෙවැනි අයට කුඩා බෑග් කොහොමවත් ගැලපෙන්නෙ නෑ. ඒකෙන් වෙන්නෙ තවත් මහත් වෙලා පේන එක. ගොඩක් මහත අයට ගැලපෙන්නෙ පහත ආකාරයේ බෑගයක්.

bag3

හැමකෙනකුටම ගැලපෙන බෑග් එකක්
ඔබ බෑග් එකක් තෝරනකොට හැමවෙලේම පාවිච්චි කරන්න පුළුවන් තද පැහැති නොවන එකක් තෝරාගැනීම සුදුසුයි. ඒවගේම ඒ සඳහා අනවශ්‍ය ලෙස අධික මුදලක් වියදම් කිරීමත් සුදුසු නෑ. ඔබට බෑග් කීපයක් සඳහා වියදම් කිරීමේ හැකියාව ඇත්නම් ඕනෑම ඇඳුමක් සඳහා බාවිතා කළ හැකි කළු හෝ දුඹුරු පැහැති බෑගයක් තබාගැනීම හොඳයි. එතකොට අනිත් බෑග් විවිධ පැහැයෙන් සහ විවිධ මෝස්‌තර වලින් ගන්න පුළුවන්.

Leave a comment

worky

worky1

ld add copy

Latest News

නව විදුලිබල පනත් කෙටුම්පත‍‍ට චෝදනා

නව විදුලිබල පනත් කෙටුම්පත‍‍ට චෝදනා

නව විදුලිබල පනත් කෙටුම්පතින් පාරිභෝගික ආරක්ෂණයට සහ ජල විදුලි බලාගාර පිළිබඳ රජයට ඇති අයිතියට කිසිදු හ...

Connet With Us