ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක් Featured

Published in Gossip
Wednesday, 24 April 2024 12:53

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

ඒ වගේම මේ මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද මේ වන විට 7 ක් දක්වා ඉහළ ගිහින්.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට දැනට තීරණය කර සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, මව්බිම ජනතා පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර, ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වෙනුවෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ව්‍යවසායක ජනක රත්නායක සහ හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධනගේ මුණුබුරකුවන ඉශාන් ජයවර්ධන යන අය.

ඒ වගේම පසුගිය කාලයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂට ද ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කියල ඉල්ලීමක් කරල තියෙනවා. කොහොම උනත් මේ ගැන අමාත්‍ය විජයදාස රාජපක්ෂ කියල තියෙන්නෙ තමන්ගේ තීරණය ඉදිරියේ දි දැනුම් දෙනව කියලයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තවමත් තීරණය කරල නැහැ. මේ ගැන පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් ගෙන් විමසද්දි ඔහු කියල තියෙන්නේ ඒ සම්බන්ධයෙන් පූර්ණ බලතල පක්ෂයේ නායකයා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට භාර දීල තියෙනව බව.

කොහොම උනත් ආ‌රාංචිමාර්ග වල සදහන් වෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා එම පක්ෂයේ මැයි දින රැලියේදී ප්‍රකාශයට පත් කෙරෙනවා කියලයි.

මේ ජනාධිපතිවරණය ට තවත් අපේක්ෂකයන් ඉදිරියේ දී එක්වීමට ඉඩ තියෙනවා කියල ත් දේශපාලන ආරංචිමාගර්වල සදහන් ඒ වගේම ජනාධිපතිවරණයක් වෙනුවෙන් වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත් වන පළමු අවස්ථාව ද මෙය වනවා.

Leave a comment

worky

worky1

ld add copy

Connet With Us