දුටුගැමුණු යළි දියවන්නා තරණයට පාරක් හොයාගෙන  

Published in Gossip
Monday, 04 March 2024 20:26

මේ වන විට රට හැර ගොස් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න යළි සිය දේශපාලන ගමන අරඹන බවත් තමන් ජාතික ජන බලවේගය සමඟ එකතුවන බවත් මෙරට හිතවතුන් සමග පවසා තිබෙන බව දැනගැනීමට තිබේ.

ඔහු පාර්ලිමේන්තු මන්‍ත්‍රීධුරයෙන් ඉවත් වවිමට ආසන්න කාලයේදී මෙරට වත්මන් දේශපාලන ක්‍රමය දැඩිව විවේචනය කරමින් තමන්ට ඇති කළකිරීම ප්‍රකාශ කර තිබිණි.

මේ අතර තමන් දැනට කැනඩාවේ පදිංචිව සිටියත් ඉතා ඉක්මනින්ම නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් පවතින ක්‍රමය වෙනස් කිරීම සදහා වන අරගලයකට තමන් සූදානම් බවත් ඔහු කැනඩාවේ සිට අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවට එක්වමින් පවසා තිබිණි.

ඇතැම් වාර්තා සඳහන් කරන්නේ පසුගියදා අනාරාධපුරයේදී මන්ත්‍රීවරයාගේ නිවසට වෙඩිතැබීමේ සිද්ධිය පාදක කරගනිමින් ඔහු කැනඩාවේ දේශපාලන රැකවරණ පතා ඇති බවය. මේ වන විට සිය දරු පවුල සමගින් ඔහු කැනඩාවේ පදිංචිව සිටී. ඔහු දේශපාලනයට පැමිණියේ විමල් වීරවංශගේ නායකත්වයෙන් යුතු ජාතික නිදහස් පෙරමුණයේ සාමාජිකයකු ලෙස පොහොට්ටු ලකුණික් තරග කරමිනි.

දුටුගැමුණු සිනමා නිර්මාණයේ දුටු ගැමුණු රජුගේ චරිතය නිරුපණය කිරීමත් ඔහු තම මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් යොදාගෙන තිබිණි. කේසේ නමුත් උද්දික මේ වන විට දරණ දේශපාලන මතය සහ ජාතික ජන බලවේගයේ දේශපාලනය අතර නොගැලපිල්ලක නැත.

Last modified on Monday, 04 March 2024 21:15

Leave a comment

worky

worky1

ld add copy

Latest News

පළාත් කිහිපයක උෂ්ණත්වය අද යළිත් ඉහළට

පළාත් කිහිපයක උෂ්ණත්වය අද යළිත් ඉහළට

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම්...

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us