ජනපති - ක්‍රීඩා ඇමැති වෙන් කරන්න, ඇමැතිවරයෙක් කුමන්ත්‍රණයක !  

Published in Gossip
Wednesday, 08 November 2023 20:54

ජනපති සහ ක්‍රීඩා ඇමතිවරයා අතර ගැටුමක් ඇති කිරීම සඳහා රජයේ ප්‍රබල ඇමතිවරයෙක් මූලික වී සිටින බව දේශපාලන ආරංචි මාර්ග උපුටා දක්වමින් 'ලංකාදීප' වෙබ් අඩවිය වාර්තාකර ඇත.

අදාල ඇමතිවරයා මෙලෙස ක්‍රියා කරන්නේ රට ගැන හෝ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන ආදරයකින් නොව තමාගේ අතිශය පෞද්ගලික අරමුණක් වෙනුවෙන් බවද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රජයේ ප්‍රබලයෙක් එම පුවත් වෙබ් අඩවියට පවසා ඇත්තේ, අදාල ඇමතිවරයා ඉතිහාසයේ සිට ක්‍රියා කළ අයුරින් මෙවර ද බොරදියේ මාළු බෑමේ සම්ප්‍රදාය අනුගමනය කරමින් තම පෞද්ගලික අරමුණක් ඉටුකර ගැනීමට උත්සාහ දරන බවයි.

අදාල ඇමතිවරයාගේ මේ දෙබිඩි ක්‍රියා පිළිවෙත සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයා ද දැනුම්වත් කිරීමට කටයුතු කෙරෙනු ඇතැයිද 'ලංකාදීප' පවසයි.

Last modified on Wednesday, 08 November 2023 21:25

Leave a comment

ld add copy

Latest News

දරුවන්ට භාවිතයට නුසුදුසු පැන්සල් තොග ගණන් වෙළෙඳපොළේ

දරුවන්ට භාවිතයට නුසුදුසු පැන්සල් තොග ගණන් වෙළෙඳපොළේ

නව පාසල් වාරය සඳහා දරුවන්ට පොත් ලැයිස්තු සැකසීමේදී ප්‍රමිතියකින් යුතු පාසල් උපකරණ භාවිතය පිළිබඳව අවධ...

Connet With Us