සජබෙ දෙදරයි. තිස්සත් චම්පික පිළට Featured

Published in Gossip
Tuesday, 15 December 2020 11:16

පාඨලී චම්පික රණවක 2025 ජනාධිපති වීම ඉලක්ක කරගෙන මේ වන විට සිදුකරමින් සිටින දේශපාලන මෙහෙයුමට තිස්ස අත්තනායකගේ පූර්ණ සහයද ලැබී තිබේ. චම්පික රණවක ඔහුගේම ජාතික හෙළ උරුමය පක්ෂයෙන් ඉවත් වී සමගි ජන බලවේගයේ ප්‍රධාන නායකයකු ලෙස මතුවීම චම්පිකගේ මෙහෙයුමේ මුල් අදියර වී තිබේ.

ඒ අනුව එම පක්ෂයේ ව්‍යවස්ථාව වෙනස් කරමින් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට එම පක්ෂ නායකයන්ගේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු රහසිගතව සිදුවෙමින් තිබේ. එහිදී චම්පික රණවකට සිය පක්ෂපාතකම තිස්ස අත්තනායක ප්‍රකාශ කර ඇත. ඒ අනුව පක්ෂයේ නව ව්‍යවස්ථාව චම්පික්ගේ වුවමණාව පරිදි වෙනස් කර ගැනීමේ කාර්යභාරයට උර දී සිටින්නේ තිස්සය. එහිදී සිදු විය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් තිස්ස අත්තනායක ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර සිටියේ චම්පික රණවකගේ අදහසමය. ඒ අනුවත් පැහැදිලි වන්නේ මෙය පක්ෂයේ මතයට වඩා චම්පික රණවකගේ මතය ජයග්‍රහණය කරවීම වෙනුවෙන් තිස්ස අත්තනායක ගත් පියවරක් ලෙසය.

සජබ අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ චම්පික රණවකට එරෙහිව මේ වන විටත් පක්ෂය තුල බලවේග ගොඩනැගෙමින් පවතින බවය. එම තත්වය තුල තිස්ස අත්තනායක චම්පිකට පක්ෂව ප්‍රකාශ නිකුත් කිරීම මෙම අභ්‍යන්තර දෙදරීම කළ එළි බැස ඇති බවට නිදසුනකි.

කෙසේ නමුත් තිස්ස අත්නායක විටින් විට පක්ෂයත් පක්ෂ නායකත්වයත් පාවා දෙමින් එහෙට මෙහෙට පැන පැන සිටි චරිතයක් වනවා සේම ගිය ගිය පැත්ත පරාජය වීමද කැපී පෙනුනි. තිස්ස අත්තනායක සජබයෙන් ඉවත්ව චම්පික සමඟ වෙනම පක්ෂයක් ගොඩනගා ගන්නේ නම් එය සජබයට කරන ලොකුම උපකාරය බවත් සජබයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු අප හා පැවසීය.

Leave a comment

worky

worky1

ld add copy

Latest News

නව විදුලිබල පනත් කෙටුම්පත‍‍ට චෝදනා

නව විදුලිබල පනත් කෙටුම්පත‍‍ට චෝදනා

නව විදුලිබල පනත් කෙටුම්පතින් පාරිභෝගික ආරක්ෂණයට සහ ජල විදුලි බලාගාර පිළිබඳ රජයට ඇති අයිතියට කිසිදු හ...

Connet With Us