ගොඩේ මජර චින්තනය පරාජය කළ, කරුගේ එඩිතරකම, ප්‍රජාතන්ත්‍රවාදින්ගේ පැසසුමට

Published in පුවත්
Friday, 16 November 2018 15:42

පොලොන්නරුවේ සිරිසේන ගමයාගේත් මැදමුලන රාජපක්ෂ බයියාගේත් චණ්ඩිකම් වලට එදිරිව නොසැලී නොබියව මුහුණ දෙමින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි කතානායක කරූ ජයසූරියගේ ක්‍රියා කලාපය ප්‍රජතන්ත්‍රවාදී යහපාලනය විශ්වාසකරන සියලු ජනතාවගේ නොමද පැසසුමට ලක් විය යුතුව තිබේ.

බල පෙරේතකමින් මජර තක්කඩි වැඩ කරමින් රටේ බලය පැහැර ගැනීමට උත්සහ කළ සිරා මරා බලුපූ‍ට්ටුව තීරණාත්මක ලෙස පරාජය කිරීමට කතානායකවරයා ගත් පියවර නොවන්නට මේ රට විසාලා මහනුවරක් වීම සිදු විය හැකිව තිබිණි.

පසුගිය ඔක්තෝබර් 26 වන දින සිරිසේන ජනාධිපතිවරයා හිතුවක්කර ලෙස නීති විරෝධි ලෙස මහින්ද රාජපක්ෂව අගමැතිධුරයට නම් කිරීමේ සිට ඔවුන් පසුගිය සති 3 තුලදී දිගින් දිගටම නීති විරෝධී සහ සදාචාර විරෝධී ලෙස කටයුතු කළේය. මෙරට ප්‍රජාතනත්‍රවාදය ගරු කරන පක්ෂ විපක්ෂ බේදයකින් තොර සියලු ජනතාව ඒ අනුමත කළේ නැත . ජාත්‍යන්තර ප්‍රජාවද මේ තක්කඩිකමට එරෙහිව දැඩිව පෙනී සිටියේය. එහෙත් ඒ කිසිවක් මේ බල පෙරේත සිරා මරා කුමන්ත්‍රණකරුවෝ තුට්‍ටුවකට මායිම් කළේ නැත.

මේ තත්වයන් හමුවේ ශ්‍රි ලංකාවේ ආර්ථිකය දැඩි අර්බුධකාරී තත්වයකට ඇද වැටිනි. රාජ්‍ය යන්ත්‍රණයම අකර්මන්‍ය විය. විදේශ තහංචි වැටීමේ තර්ජනය බරපතල විය , විදේශ ආයෝජකයෝ ආපසු හැරී ගියහ. 2019 වසර සඳහා අය වැය යෝජනාවක් නොමැති විය. ඩොලරයේ අගය ඉහළ යෑමේ අර්බුධය තවත් තිව්ර විය, වික්‍රමසිංහ ආණ්ඩුව විසින් රටේ ණය ගෙවීම සඳහා සකස් කර තිබූ සැලසුම මුලුමනින්ම අවුල් විය. විදේශ සංචිත ඩොලරයේ අගය පාලනය සඳහා මුදා හැරීම නිසා මේ ණය අර්බුධය යලිත් බරපතල ගැටලුවක් වී ඇත. එහෙත් ඩොලරයේ අගය පාලනය කර ගැනීමට ද නොහැකි විය. මේ අනුව නුදුරේම උද්ධමය ඉහළ යෑම ආරම්බ වීමත් සමඟ සාමාන්‍ය ජන ජීවිතය ද අවුල් වනු ඇත.

රට මේ බරපතල ව්‍යවසනකාරී තත්වයට ඇද දැමීම ගැන සිරිසේන සහ මහින්ද මුළුමනින්ම වගකිව යුතුය.

අගමැති රනිල් වික්‍රමසිංව එම තනතුරෙන් නෙරපා හැරීම සඳහා පැහැදිලි නිශ්චිත ආර්ථික දේශපාලන හෝ සාමාජීය කරුණක් තිබුණේ නැත. රට ජනතාවගෙන් එලෙස ඉල්ලීමක් උද්ඝෝෂණයක් තිබුණේ නැත. ව්‍යාජව නිර්මාණය කළ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණ චෝදනාවක් මේ වෙනුවෙන්ම නිර්මාණය කරමින් ව්‍යාජ හේතු නිර්මාණය කරමින් රනිල් වික්‍රමසිංහව ඉවත් කරනු ලැබීය. අවසානයට සිරිසේන ජනාධිපතිවරයාට තිබූ හේතුව වුයේ සමනල ගැටලුවකි. තමන්ගේ විශම ලිංගික ආසාවට වෙනස්ව රනිල් වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායමේ ලිංගිකමය සංස්කෘතිය සිරිසේනට දිරවා ගත නොහැකි වීම මෙතරම් දුර දිග ගියා යැයි විශ්වාස කළ නොහැක. මේ සමනල කතාව ආවේ වෙන දෙයක් කරකියාගත නොහැකි නිසාය. මේක සාමාන්‍යයෙන් ගමේ අයියලාට සිදුවන අවුලකි. පෞද්ගලික ලිංගිකමය චෝදනාවක් කර අපහාස කිරීම ඒ ගතියයි. සිරිසේනත් මහින්දත් තමන්ගේ ගොඩේ මජර ගතිය එසේ පෙන්නුවේය.

මේ කවරක් වූවත් මේ මොහොතේදී මේ ගොඩේ මජර චින්තනය පරාජයකර නූතන ශිෂ්ඨත්වය දිනවීමට හැකිවීම රටේ ජයග්‍රණයකි. එහි වැඩි ලකුණු ප්‍රමාණය කතානායක කරූ ජයසුරිය මහතාට නිතැතින්ම හිමිවිය යුතුය.

Last modified on Friday, 16 November 2018 15:48

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

වනිඳු පෙරමුණට

වනිඳු පෙරමුණට

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක වනිඳු හසරංග අන්තර්ජාතික පන්දුවාර 20යි 20 ක්‍රිකට් තුන් ඉරියව් ක්‍රීඩකයින්ගේ...

Connet With Us