මුර දේවතාවෙක් දැරියක් උස්සලා

Published in පුවත්
Friday, 08 August 2014 11:24
බාලවයස්කාර දැරියක් පැහැර ගෙන යමින් සිටි බව කියන යුද හමුදා සෙබළෙකු මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 
 ඊයේ (07) මාදම්පේ - මැදගම ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. 
 
බිංගිරිය වැල්ලරාව පදිංචි 15 හැවිරිදි මෙම දැරිය පාසලේ පැවති උපකාරක පංතියක් අවසන් කර නිවස බලා යමින් මෙම පැහැර ගැනීම සිදු කර තිබේ.
 
කිසියම් අයෙකු විසින් පැහැරගෙන ගොස් ඇති බවට දැරියගේ මව්පියන් විසින් පොලීසියට කර ඇති පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. 
 
සැකකරු වසර දෙකක පමණ කාලයක් තමන් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වූ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස සැකකරුගේ ඉල්ලීම පරිදි ඔහු සමග ගිය බවත් දැරිය පොලීසිය හමුවේ පවසා ඇත. 
 
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු කන්කසන්තුරේ යුධ හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන අයෙකු බව පොලිසිය පවසයි.
 
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන පොලිසිය විසින් සිදු කරයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us