එහිදී තමන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පොහොට්ටුව ළකුණ යටතේ තරඟ කිරීමට තීරණය කළ බව ඔහු කියා තිබේ. පසුගියදා ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ තොරතුරු අනාවරණය කිරීමත් සමඟ නාමල් කුමාරගේ චරිතය කරළියට පැමිණ තිබුණි.
නාමල් කුමාර විසින් හෙළිකළ ජනාධිපති හා ගෝඨා ඝාතන කුමන්ත්‍රණය ද වත්මන් දේශපාලන කුමන්ත්රණයේම මුල් අදියරෙහි කොටසක් බවට මත පළවී තිබිණි. ඔහුගේ හෙළිදරව්ව වචනවලට පමණක් සීමා වූවක් මිස ඊට පැහැදිලි සාක්ෂි කිසිවක් මෙතෙක් පොලීසියට අනාවරණය කර ගැනීමට ද හැකිව නැත.