'ගැත්තන් නොවන සියලු දෙනාගෙන්ම පළිගන්නවා'

Published in පුවත්
Thursday, 07 August 2014 14:19

අද දේශපාලන පළිගැනීම් සීමා මායිම් නැතුව සිදුවන බවත්, රාජපක්ෂ රෙජිමයට ගැති නොවන ඕනෑම අයෙකුගෙන් මේ ආණ්ඩුව පළිගන්නා බවත් එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 

1994-2012 දක්වා කාල පරිච්ඡේදය තුළ දේශපාලන පලිගැනීම් වලට ලක්වූවන්ගේ පැමිණිලි බාරගැනීම හා ඒ පිළිබඳ තම පක්ෂය විසින් සිදුකරනු ලබන විමර්ශන පිළිබඳ දැනුවත් කිරීම සඳහාත්,  දේශපාලන පළිගැනීම්වලට ලක් වූවන්ගේ තොරතුරු ඇතුළත් CD තැටි එක්සත් ජාතික පක්ෂ බස්නාහිර පළාත් ආසන සංවිධානයවරුන්ට ප්‍රදානය කිරීම සඳහාත් අද (07) එජාප 'සිරිකොත' මුලස්ථානයේ පැවති රැස්වීම අමතමින් ඔහු එබව සඳහන් කළේය. 

වර්තමාන ආණ්ඩුවේ දේශපාලන පළිගැනීම් එක්සත් ජාතික පාක්ෂිකයන්ට පමණක් සීමා වී නැති බවත් මේ රටේ සමස්ත පුරවැසියාටම මුහුණ දීමට සිදුව ඇති බරපතළ ගැටලුවක් බවත් රනිල් වික්‍රමසිංහ මහතා එහිදී පැවසීය. 

පොදු පෙරමුණු හා එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩු යටතේ බොහෝ පිරිසක් දේශපාලන පලිගැනීම් වලට ලක්ව ඇති බවත්  විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය. 

අද වන විට රාජපක්ෂ රෙජිමය විසින් පලිගැනීම ආරම්භ කර ඇත්තේ ඉහළින් බවත්, හිටපු අග්‍රවිනිශ්චයකාර, ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගෙන් කරනු ලැබූ දේශපාලන පලිගැනීම හෙට කාර්යාලයක ලිපිකරුවෙකුට සිදුනොවේයයි පැවසිය නොහැකි බව ඔහු පෙන්වා දුන්නේය.


හිටපු අගවිනිසුරුවරියගෙන් පලිගනු ලැබුවේ ‘දිවිනැඟුම‘ට විරෝධය දැක්වීම නිසා විනා අන්යමක් හේතුවෙන් නොවන බවද වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කළේය.

මේවන විට විපක්ෂයේ දේශපාලන එදිරිවාදීන්ට පමණක් නොව ආණ්ඩු පක්ෂයේම රෙජිමයට එරෙහි පිරිස් පවා මෙලෙස දේශපාලන පලිගැනීමට ලක්වන බවත් ඔහු සඳහන් කළේය.

පසුගියදා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා පසු පස විවිධ වාහන මගින් එළවායාමක් පිළිබඳ වාර්තාවූ බවත්, අදාළ වාහනවල අංක පවා ලබා දුන්නද මේවන තෙක් ගනු ලැබූ කිසිදු ක්‍රියාමාර්ගයක් නොමැති බවත් විපක්ෂ නායකවරයා සිහිපත් කළේය.

එසේම සන්ධාන මන්ත්‍රීවරයෙකුගේ බලපෑම් කිරීම නොතකා ක්‍රියා කිරීම හේතුවෙන් ගිරාඹේ ආනන්ද හිමියන්නේ දියසෙන්පුර පිහිටි පන්සලට ප්‍රහාර එල්ලවූ බවත්, එදිනම බොරැල්ල කතෝලික පල්ලයකටද පහරදුන් බව වාර්තාවූ බවත් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

අන්තවාදී සංඝයා වහන්සේලා සුළු පිරිසකගේ ක්‍රියාවන් නිසා මේවන විට රටට ප්‍රශ්න රාශියකට මුහුණදෙන්නට සිදුව ඇති බවත්, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශ හෝ ආරක්ෂක අමාත්‍යංශ තිබියදී මෙම ප්‍රශ්න සම්බන්ධයෙන් අදාළ නොවන විදේශ කටයුතු අමාත්‍යංශය මැදිහත්වී උත්තර බඳින තත්ත්වයක් දක්නට ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

"පන්සල්වලට ගහනව නම්, පල්ලිවලට ගහනව නම්, රටේ අග්‍රවිනිශ්චයකාරියට ගහනව නම්, නීතිවේදී සංගමයේ සභාපතිට ගහනව නම් මේක තිරිසන් රෙජිමයක් මිස වෙන එකක් නෙවෙයි. ඒ නිසා තමයි අපි මේක වෙනස් කරන්න ඕන. අපි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ සියලු දෙනාගේ අයිතිවාසිකම් ආරක්ෂා කරනවා. ඒ නිසා අපි මේ ආණ්ඩුව වෙනස් කරලා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන්න වැඩ කරන්න ඕන" යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය. 

එක්සත් ජාතික පක්ෂ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීම සඳහා එම පක්ෂයේ නායකත්ව මණ්ඩල නායක කරූ ජයසූරිය මහතා, මහලේකම් තිස්ස අත්තනායක මහතා, එරාන් වික්‍රමසිංහ මහතා සහ බස්නාහිර පළාතේ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන්ද  සහභාගි විය.

siri1

 

siri2

siri4

Last modified on Thursday, 07 August 2014 14:28

Leave a comment

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us