ශ්‍රීලනිප ප්‍රචාරක වැඩට මහින්දව පාවිච්චි කරන ලෙස මෛත්‍රී පාර්ශ්වයෙන් ඉල්ලීමක්

Published in පුවත්
Thursday, 21 December 2017 08:21


හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තවම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ සාමාජිකයකු බැවින් පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයෙන් ඉදිරිපත් වන සියලුම අපේක්‍ෂකයන්ට ඒ මහතාගේ ඡායාරූපද ඇතුළත් කරගෙන ඡන්ද ප්‍රචාරක වැඩ කටයුතු සිදුකරන ලෙස බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ඊයේ (20 දා) ඉල්ලා සිටියේය. 

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රුව පක්‍ෂ නායකයා ලෙස එම පක්‍ෂයේ සියලුම අපේක්‍ෂකයන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට යොදා ගැනීම සාමාන්‍ය දෙයක්‌ බවත් එම ඡායාරූපයද සමග හිටපු ජනාධිපතිවරයාගේ රුවද භාවිත කිරීමට පක්‍ෂ සාමාජිකයන්ට හැකි බවත් ඒ මහතා කියා සිටියේය. හෙතෙම මේ බැව් පැවසුවේ ඊයේ (20 දා) ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්‌වෙමිනි.

මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒකාබද්ධ විපක්‍ෂය නමැති කණ්‌ඩායමක්‌ බෙදා වෙන්කර ගෙන සිටින බවට ජනතාව අතර මතයක්‌ ගෙන යැමට ඇතැමුන් උත්සාහ කළත් ඔවුන් තවම ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයන් බව සෑම විටම ප්‍රකාශ කර ඇති බව කී මහ ඇමැතිවරයා මහින්ද රාජපක්‍ෂ මහතා තවමත් ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයකු වීම නිසා ඒකාබද්ධ විපක්‍ෂයට ඒ මහතාගේ ඡායාරූප ප්‍රදර්ශනය කර ඡන්ද ප්‍රචාරක කටයුතු කිරීමේ හැකියාවක්‌ නැතැයිද වැඩිදුරටත් පැවැසීය.

ඉසුර දේවප්‍රිය මහතා ජනාධිපති මෛත්‍රීපල සිරිසේන මහතාගේ දේශපාලන මතය ප්‍රකාශයට පත්කරන්නකු වන අතර ජනාධිපතිවරයාගේ දේශපාලන මතය ප්‍රකිශයට පත්කරන නිතිපතා මාධ්‍ය හමුව සංවිධානය කරනු ලබන්නේ ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානියකු වන චමුදිත සමරවික්‍රම මහතාය. ඊයෙ පැවැති මාධ්‍ය හමුවද සමරවික්‍රම මහතා සංවිධානය කරනු ලැබූවකි.

කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ මහතාගේ රුව භාවිතා කිරීම මඟින් ශ්‍රීලනීපය කෙරෙහි කලකිරී සිටින මහින්ද පාක්ෂිකයන්ගේ හොඳ හිත දිනා ගැනීමේ අපේක්ෂාව අනුව සිදුකරනු ලබන්නක් යැයි කල්පනා කළ හැකිය.

Last modified on Thursday, 21 December 2017 08:30

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us