මෛත්‍රී, ඔයා කවුරු කියල හිතාගෙනද සයිටම් අහෝසි කරන්න තීන්දු ගන්නේ? Featured

Published in පුවත්
Sunday, 25 June 2017 00:08

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහින්ද රාජපක්ෂයේ මිනීමරු කපු‍ටු නඩයක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ එකඟතාවයකට පැමිණ තිබේ. එමඟින් දොස්තර වර්ජනය නැවැත්තුවේලු..

එහෙත් අප දන්නා ආකාරය අනුව, මේ කපු‍ටු නඩය වර්ජනය නැවැත්තුවේ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවටත් පෙරය. ඊට හේතුව දින ගනනාවක් වර්ජනයක නිරතවීමෙන් රෝගීන් අපහසුවට පත්වීම නිසා නොව එමඟින් තමන්ට පෞද්ගලික වෛද්‍ය සේවාවන් කිරීමට ඇති අපහසුව නිසාය. මන්ද රජයේ රෝහල වර්ජනය කළද මෙම පිරිස පෞද්ගලික සේවාවන් හී යෙදීම ගැන එල්ලවන දැඩි විවෙච්නය බරපතල ගැටළුවක් වීමය. මෙම සටන අවංක සටන්කැයි සිතා ඇතැම් වෛද්‍යවරයෙක් තමන්ගේ පෞද්ගලික වෛද්‍ය සේවාවන්ද නවත්වන බව කියමින් වර්ජනයට බැස්සේය. එහෙත් මෙහි නායක කපු‍ටු රැළට එසේ කිරීම හැකියාවක් නොතිබිණි. මන්ද එමඟින් උපයන මහා ධනස්කන්ධය මේ ඊනිය සයිටම් සටනක් නිසා අහිමි කර ගැනීමට ඇති නොකමැත්තය. මේ දෙබිඩිකම නිසා සංගමයේ ගැ‍ටුම්කාරිත්වයක්ද පැන නැගී තිබේ. මේ හේතුව නිසා කවර තත්වයක් යටතේ හෝ ජනාධිපතිවරයා සමඟ අවබොධයකට යමින් වර්ජනය නවතා දැමීමට තීන්දු විය.

කෙසේ නමුත් වෛද්‍ය සංගමය හ ජනාධිපතිවරයා අතර වූ එකඟතා ලියැවිලෙන් පසුව සිසු උද්ඝෝෂණයට නායකත්වය දුන් කොටස් උදම් අනමින් සිටිනේ සටන ජය ගත් බවය. ඇතැමුන් සයිටම් අහෝසි කිරීමට ජනාධිපතිවරයා තීන්දු කළ බවටද සමාජ ජාල ඔස්සෙ ප්‍රකාශ නිකුත් කරමින්ද තිබේ.

කොහොම නමුත් මේ එකඟතා ලියැවිල්ලෙන් පසුව වෛද්‍ය සංගමය හා මේ සිසුන් මෙහෙයවන පිරිස් ජනාධිපතිවරයා විසින් සයිටම් අහොසි කරනු ඇති බව සිතා සිටිනවා යැයි මේ නාට්‍යාකාර සිදුවීම් දෙස බලා සිටින කිසිවකුත් වැරදි අවබොධවලට යා යුතු නැත. එහෙත් ඇතැම් විටෙක ජනාධිපතිවරයා මෙවැනි එකඟතාවයකට පැමිණෙනුනේද තමන්ට ඒ සයිටම් අහෝසි කිරීමේ හැකියාවක් ඇතැයි කල්පනා කර විය යුතු වීම විය හැකිය.

අපගේ ගැටලුව වන්නේ මේ ලියවිල්ලෙ ඇති එකඟතාවයන් නොවේ..ඒ දෙපැත්තටම බර තබා පරිස්සමෙන් සිදු කළ තක්කඩි ලියැවිල්ලක් බව බැලු බැල්මට පෙනේ. ඒ කවරක් වූවත් මෙහිදි මතුවන ගැටලුව නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනවාරි 08 වනදා සිදු කළාය කියන විප්ලවයේදී මෙරට ජනතාවට ලබා දුන් පොරොන්දුය.

පළමු කාරණය විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමය. ඒ සිදු නොකර සිටීම සඳහා දැන් වට වංගු ගසමින් සිටින බවත් පැහැදිලිය. 2020 යළි ජනාධිපතිධුරය ලබා ගැනිමේ දැඩි උත්සාහයක නිරතව සිටින බවත් පැහැදිලිය. ඒ අතරේදී දැන් වෛද්‍ය සංගමය ජනාධිපතිවරයා හමුවී මෙම සයිටම් ගැටලුව ගැන සාකච්ඡා කරන්නේ, පොරොන්දු ගන්නේ මෛත්‍රීපාල සිරිසේන රටේ විධායක බලය හිමි පුද්ගලයා වන් බැවින් ඔහුගේ විධායක බලතල පාවිච්චි කර ඕනෑම දෙයක් කළ හැකිය යන විශ්වාසයෙනි. ඔව් ඒ විශ්වාසයෙහි වරදක් නැත මන්ද තවමත් ඔහු විධායක ජනධිපතිවරය වන බැවිනි.

නමුත් විධායක ජනාධිපතිධුරය අහොසි කරම්හ ! යනුවෙන් සිංහ නාද කරමින් බලයට පැමිණ විගස කීවේ පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් හැර තමන් විධායකයේ බලතල පාවිච්චි නොකරන බවය. එහෙත් ඒ දැන් ඔහුට අමතක වී තිබේ. වෛද්‍ය සංගමය හා සාකච්ඡාවට යන්නෙත් පොරොන්දු පත්‍ර අත්සන් කරන්නෙත් ඒ නිසාය.

තමන් ජනතාව හමුවේ වූ පොරොන්දුව මතකයේ තිබුණේ නම් ජනාධිපතිවරයාට මෙලෙස පොරොන්දු පත්‍ර අත්සන් කිරීම සදාචාරාත්මක අයිතියක් නැත. සාකච්ඡා කිරීම ප්‍රශ්නයක් නොවේ. එමගින් එම ප්‍රශ්නය ගැන අවබෝධයක් ලබා ගැනීමට ඒ වැදගත්ය .එහෙත් ඔහු ඉන් අනතුරුව කළ යුත්තේ මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවධානයට යොමු කොට එහි තීන්දුව අපෙක්ෂා කිරීමය. එසේ නොකොට තමගේ හිතු මනාපෙට තීන්දු ගැනීම ඔහුට තරම් නොවේ.

එසේම වෛද්‍ය සංගමය යනු මහින්ද රාජපක්ෂගේ මිනිමරු කපු‍ටු නඩයක් බව ඔහු නොදැන සිටින්නට හේතුවක් නැත. එසේම මෙම සිසුන් මෙහෙයවන්නේ බංකොලොත් වාමාංශික පක්ෂ විසින් බවද ඔහු හොඳාකාරව දනී. එම තත්වයන් හමුවේ මේ තක්කඩි කඩාකප්පල්කාරී කුමන්ත්‍රණකරුවන් හා සාකච්ජාවට යෑමද ඔහු විසින් නොකළ යුතුව තිබුණකි. එය ඒ ඒ විෂය බාර ඇමැතිවරුන් මඟින් හා අවසන කැබිනට් මණ්ඩලය මඟින් විසදා ගැනීමට ඉඩ දී තමන්ගේ තත්වය ‍රැක ගැනීමට ඔහු සමත්වීම විය යුතුව තිබුණත් ඔහු සිදු කළේ වැරදි වැඩකි.

මේ ගැටලුවෙදී පමණක් නොව මීට පෙර අවස්ථා ගනනාවකදී කැබිනට් මණ්ඩලයේ වැදගත් සාධනීය තීන්දු තීරණ පවා විධායක බලය යොදවා අහෝසි කිරීමට ඔහු කටයුතු කළේය. ඒ එක එක හපු‍ටු මතවාද වල එල්ලි සිටින පිස්සන්ගේ දැඟලීම් නිසාය. ශ්‍රීලංකාව කියන්නේ තවමත් හැටේ දශකයේ තිබෙන දුප්පත් දූපතක් නොවේ. ඒ ලෝකය සමඟ ඉදිරියට ඇදෙමින් පවතින නූතනත්වය වැලඳගනිමින් තිබෙන නිදහස් රාජ්‍යයකි. ඊට ඒ අවශ්‍ය කරන අයුරෙන් ඉදිරියට යෑමට ඉඩ නොතබා හැටේ දශකයට ඇදගෙන යාමට ජනාධිපතිවරයාත් ශ්‍රීලනීපයේ මුග්ධයන් පිරිසකුත් මේ සිදු කරමින් තිබෙන්නේ රටට විනාශයකි. පරණ හණ මිටි දැන් කර ගහගෙන යෑමෙන් වැඩක් වන්නේ නැත. මෙරට වාමාංශික ව්‍යාපාර වේශයෙන් තිබෙන ප්‍රමුඛ පක්ෂ පවා තවමත් කටයුතු කරන්නේ එක්දාස් අටසිය ගනන්වල දැනුමේන් බව ඔවුන්ගේ විකාර සහගත සටන් වලින් ඉතා පැහැදිලිව පෙන්නුම් කරමින් තිබේ. මේ ගොබ්බයන්ගේ සටන් පාඨවලට ‍රැවටීම, බියවීම 21 වන සියවසේ සිහිබුද්ධියක් ඇති කිසිවකු නොකරන වැඩකි.

ඒ තබා අනෙක් ප්‍රශ්නයකදීත් සමාජවාදී රාජ්‍යයක් බිහි කරන්නේ යැයි කියමින් සිටින වාමාංශික විප්ලවාදීන් ලෙස පෙනි සිටින මේ කණ්ඩායම් දිගින් දිගටම සිදු කරනේ තවත් ධනේශ්වර යැයි ඔවුන් විසින්ම කලෙකට පෙර හංවඩු ගසනු ලබන කල්ලි කණ්ඩයම් සමඟ එක් වී අවස්ථාවාදී ලෙස කැරලි ගැසීමය. තමන්ගේම කියා න්‍යායක් දර්ශනයක් වැඩපිළිවෙලක් නැති මේ බංකොලොත් විප්ලවවාදීන් සයිටම් ප්‍රශ්නයේදී මහින්ද රාජපක්ෂගේ මිනීමරු කපු‍ටු නඩය හා අත්වල් බැඳ ගත්තේය. කාලෙන් කාලෙට පැත්ත මාරු කරන තවත් සංවිධාන හා පුද්ගලයන් සමග ද ඔවුන් එක් වූයේය. මේ ඔවුන්ගේ දේශපාලන බංකොලොත් කමය. දැන් වෛද්‍ය සංගමය ජනාධිපතිවරයා සමඟ අත්සන් කළ ලියැවීල්ල ඔවුන්ට ජයග්‍රහණයකි. වෛද්‍ය සංගමය ඔවුන්ගේ විප්ලවයේ ඉදිරි ගාමක බලවේගය වී තිබේ. හෙට දවසේදීත් මේ විප්ලවවාදී පක්ෂ, වෛද්‍ය සංගමය සමඟම නැගී සිටිනු ඇතැයි මේ ගොබ්බ කල්ලි කණ්ඩායම් වල සාමාජිකයෝ සිතා සිටිනවාට කිසිදු සැක නැත.

වෛද්‍යවරු හැමදාමත් අසාධාරණ ඉල්ලිම් ඉල්ලමින් වර්ජන වල නිරත වූ පිරිසකි. රෝගීන්ගේ ජීවිත ප්‍රාණ ඇපයට ගැනීමේ හැකියාව නිසා ඔවුන් හැමදාම සටන් දිණුවේය. ඒ සාධාරණ යැයි මේ විප්ලවාදීන් ප්‍රසිද්ධියෙ පිළිගනිමින්ද තිබේ. එහෙත් කණගා‍ටුවට කරුණ වන්නේ .වෛද්‍ය සංගමය සමඟ සමාජවාදය තෙක් පෙරට යන්න බලාපොරොත්තුවෙන් සිටින වාමාංශික විප්ලවාදීන්ට පාර දිගේ බඩයන්න නුදුරේම බෙහෙත් දෙනු ඇත්තේද මේ සංගමය විසින්ම විය හැකි බවට ඇත්තේ ඉතා කෙටි දුරක් බව මේ විප්ලවාදීන්ට තේරුම් ගැනීමට තරමවත් අබටේක මොළයක් නැති වීම ගැනය. එහෙත් ඉන් කමක් නැත. නමුත් මේ කල්ලි කණ්ඩායම් විසින් දක්කාගෙන යන මෝඩ වහු පැටව් ටික අවසානයේ විනාශයම හැර වෙන කිසිවක් අත්පත් කර ගන්නෙ නැත.

අවසන් වශයෙන් සයිටම් සටන දිනුවා යැයි කියමින් උදම් අනන වාමාංශිකයන්ට මතක් කළ යුතු කරුණක් වන්නේ ඔය කියන ජයග්‍රහණය ලැබී ඇත්තේ ' විධායක ජනාධිපතිධුරයේ 'බල මහිමයෙන් බවය.


- මහේෂාඛ්‍ය

Leave a comment

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us