මහින්දගේ පහත් ජඩ ගතිය ආයෙත් පෙන්වයි

Published in පුවත්
Friday, 23 June 2017 16:43

ශ්‍රිලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නමින් අද දින නිකුත් වී ඇති නිවේදනයෙන් කියවෙන්නේ පසුගියදා සරසවි සිසුන් සෞඛ්‍ය අමාත්‍යංශයට ඇතුලු වී සිදු කළ ප්‍රචණ්ඩ ක්‍රියාවන් වැලැක්වීම වෙනුවෙන් ශ්‍රි ලංකා පොලීසිය විසින් සිදු කළ මෙහෙයුම ' ශ්‍රී ලංකා සරසවි අරගල ඉතිහාසයේ ආණ්ඩුවක් විසින් සිදු කරනු ලැබූ ම්ලේච්ඡතම ප්‍රහාරය ' බවය.

මෙම ප්‍රකාශය මඟින් මුලින්ම හෙළිවන්නේ මේ මහින්ද රාජපක්ෂ ගේ තක්කඩිකමය. ඔහු ඔහුගේ ආණ්ඩු කාලයද අමතක කොට මෙලෙස කතා කිරීම මේ කාලකණ්නි දේශපාලකයාගේ ඇති පහත්කම මිසක් වෙනකක් පැහැදිලි නොවේ.මේකට කියන්නෙ ජඩ කම කියාය.. ජඩ කම යනු නිවැරදි කුමක්ද වැරදි කුමක්ද යන්න නොතකා කටයුතු කිරීමය.

එමෙන්ම සිසු උද්ඝෝෂණයට අදාල කේන්ද්‍රීය ගැටලුව වන 'සයිටම්' ආයතනය සම්බන්ධයෙන් එකදු වචනයක් හෝ මේ නිවේදනය තුල අඩංගු නොකිරීමට ඔහු පරෙස්සම් වී ඇත. මන්ද මේ ආයතනය පිහි‍ටුවීම සම්බන්ධයෙන් සියලු කටයුතු හා එම පහසුකම් සපයා දුන්නේ ඔහු වන බැවිනි.

සිසුන් කියන්නේ මේ වසා දැමිය යුතු බවය. එහෙත් ඒ මහින්දට කියන්න බැරිය. සිසුන්ට , තිරිසනුන්ට මෙන් පහර දීම පමණක් ඔහුට එකම වැරැද්ද වී තිබේ. රාජ්‍ය ආයතනයකට බලහත්කාරයෙන් ඇතුලු වී ප්‍රචණ්ඩකාරීව හැසිරීම එම දේපොළ ද විනාශ කර යෑම ගැන ඔහුට වගක් නැත. මෙම හැසිරීම රජයේ පාර්ශ්වය වෙතින් ත්‍රස්ත ක්‍රියාවක් ලෙස අර්ථ කථනය කළ හැකි හා ඊට වගකිව යුත්තන්ට දඬුවම් පැමිණවීමද විය හැකිය. එහි කිසිදු වරදක් නැත. මන්ද රට පිළිගන්නා නීති රීති ඇති අතර යුක්තිය පසිඳලීමේ අධිකරණ පද්ධතියක්ද ඇත. ඒ අනුව එම කටයුතු සිදුවනු ඇත.

ත්‍රස්තවාදීන් සමඟ සාකච්ඡ කොට විසඳුමක් ලබා ගත යුතු බවට යෝජනා කළ අය, සරසවි සිසුන් ඒ ත්‍රස්තයන්ටත් වඩා දරුණු කොටසක් ලෙස සලකා මේ ප්‍රශ්නය බේරා ගැනීමට උත්සහ ගැන්නා බවත් ඒ ඔහුට තෙරුම් ගැනීමට අපහසු බවත් මෙම නිවේදනයේ දැක්වේ... මේවාට හිනා වෙන්නෙ කොහෙන්ද යන ගැනත් මේ නිවේදනයේ අඩංගුව තිබුණා නම් හොඳය.

ඔහුගේ තේරුම් ගැනීමේ හැකියාව වඩවා ගැනීම පිණිස සිදුවීම කිහිපයක් මතක කරදීම වත්මන් සිසු ප්‍රජාවගේද යුතුකමක් වේ.. ඔහුගේ සමයේදි ශිෂ්‍ය සටන් වෘත්තික සටන් අර්ථ කථනය කෙරුනේ කොටි ඩයස් පොරාවෙන් මුදල් අරගෙන රජය පෙරලීමට ගන්නා උත්සාහයන් ලෙසය. ඒවා පොලිසිය හා වෙනත් මැර කල්ලි යොදවා පහර දී විසුරුවා හැරිය බව මතක කළ යුතුය. ගම්පහදි සරසවි ශිෂ්‍යන් දෙදෙනෙකු මරා දැමුණු බව මතක් කළ යුතුය. තවත් මෙවැනි සිදුවීම් නම් එමට ඇත.

මහින්දට විසඳුම් නැති වූවද ආණ්ඩුවට විසඳුමක් සොයා ගන්න හැටිද යොජනා කර තිබේ. ඒ සිසුන් වෛද්‍යවරුන් සමඟ සාකච්ඡා කොට විසඳුමක් සොයා ගන්න ලෙසය.. වත්මන් ආණ්ඩුව මෙතෙක් සිදු කරමින් ඇත්තේ එයය. ආණ්ඩුව අදාල සියලු පාර්ශ්ව සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සිදු කොට ඇත. ඒ අනුව අවශ්‍ය විසඳුම් යොජනා කර ඇත. අධිකරණය හරහා ද විසඳුම් යොජනා කර ඇත. දැන් විය යුත්තේ ක්‍රියාත්මක කිරීමය. එහෙත් සිසුන්ට හෝ වෛද්‍ය වෘත්තිකයන් ඉල්ලා සිටින ලෙස මස් රාත්තලම කපා දීමට ආණ්ඩුව කිසිසේත්ම කටයුතු කළ නොහැකිය. මන්ද අධ්‍යාපනයේ නිදහස රැකීම ආණ්ඩුවේ ප්‍රමුඛතම කටයුත්ත වන අතරම ඉහළ සෞඛ්‍ය සේවාවක් රටට අත්පත් කර දීමට ඇති සියලු ඉඩ කඩ විවර කළ යුතුව තිබෙන බැවිනි.

බංකොලොත් වාමාංශික පක්ෂ විසින් මෙහෙයවන තක්කඩි දේශපාලන ව්‍යාපෘති මෙන්ම බලය ඩැහැ ගැනීමේ මළ පෙරේත ආශාවකින් පෙලෙන මහින්ද රාජපක්ෂගේ මිනී කපු‍ටු නඩය වන රජයේ වෛද්‍ය නිලධාරී සංගමය ඒකාබද්ධව සිදුකරමින් සිටින මේ නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ සටන් පාඨයට මුවා වූ තක්කඩි දේශපාලන ව්‍යාපෘතිය පරාජය කිරීමට අණ්ඩුව සමත් විය යුතුය. ඊට ශකතිමත් පිට කොන්දක් තිබිය යුතුය. අසාධාරණ ඉල්ලීම සහිත කුමන්ත්‍රණකාරී කැරලි ගැසීම් මර්දනය කර දැමීම කිසිසේත්ම ආණ්ඩුව බිය යුතු නැත. විශේෂයෙන්ම බංකොලොත් වාමාංශික පක්ෂ විසින් ඉතා දැනුවත්ව නොමඟ යවමින් සිටින ශිෂ්‍යයන් විනාශයෙන් බේරා ගැනීම මේ මොහොතේ ආණ්ඩුවේ වගකීම වේ.

එහෙත් මේ වන විට ගැටලුවක්ව තිබෙන පෞද්ගලික අධ්‍යාපනය සම්බන්ධයෙන් වන අඩුපාඩු නිවැරදි කිරීම ඒ නියාමනය කිරීමේ ක්‍රමවත් වැඩ පිළිවෙල ද මේ සමඟම ක්‍රියාවට නැඟිය යුතුය.

19424557 10155062381529818 8027790522888352249 n

Last modified on Friday, 23 June 2017 16:45

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us