පෙරහැර විකාශයේදි දළදා මාළිගාවේ ලොක්කෝ කුප්ප වැඩක් කරලා

Published in පුවත්
Sunday, 21 August 2016 10:25

මෙවර පැවැති දළදා මාලිගාවේ පෙරහැර රූපවාහිනී ජාතික විකාශය (මහ රන්දෝලි පෙරහැර) සැබැවින්ම ස්වාධීන රුපවාහිනී ආයතනයේ නිශ්පාදනයක් වුව එය දළදා මාලිගාවේ නිශ්පාදනයක් ලෙස රූපවාහිනී තිරවල සටහන් කිරීම සටකපට මගඩි වැඩක් දැයි ස්වාධීන රුපවාහිනී ආයතනයේ සේවකයෝ ප්‍රශ්න කරන බව එම ආයතන තොරතුරු මාර්ග පෙන්වා දෙයි.

එමෙන්ම මෙම පෙරහැර විකාශය සඳහා ස්වාධීන රූපවාහිනී කණ්ඩායම සම්බන්ධ කර ගැනීමේ පිලිවෙතද එහිදී එම පිරිස වෙනත් රූපවාහිනී ආයතන ප්‍රධානින්ගේ උපදෙස් අනුව කටයුතු කිරීමද ප්‍රශ්නකාරී බව ද ස්වාධින රූපවාහිනියේ සෙවකයෝ ප්‍රශ්න කරති.

මෙම ස්වාධීන රූපවාහිනී කණ්ඩායම මෙහෙයවීම ස්වාධීන රූපවහිනියේ උග්‍ර රාජපක්ෂවාදියකු ලෙස කුජිතව සිටි සඳරුවන් ජයවික්‍රම නැමැත්තා විසින් සිදු කර තිබේ. ජයවික්‍රම දළදා මාළිගාව මාධ්‍ය අධ්‍යක්ෂක ක්‍රිශාන්ත හිස්සැල්ලගේ සමීපතම මිතුරකු මෙන්ම ව්‍යාපාරික සහකරුවකුද වේ. එමෙන්ම මෙම විකාශය සදහා ජයවික්‍රමට උපදෙස් ලබා දුන් තරංග වික්‍රමදාර නැමැත්තා හිරු රුපවාහිනියේ නිශ්පාදකයකු වේ. එමෙන්ම ඔහු ක්‍රිශාන්ත හිස්සැල්ලගේ සැර මීඩියා ආයතනයේ හවුල් කරු බුද්ධික වික්‍රමදාරගේ සොහොයුරාද වේ. බුද්ධික වික්‍රමදාර සිරස රූපවාහිනි ජාලයේ චැනල් වන් හී ප්‍රධානියාවේ. මෙවර පෙරහැර විකාශයට මෙම කණ්ඩායම හවුල් වී ස්වාධීන රුපවාහිනියේ කාර්ය මණ්ඩලය හා උපකරණ යොදාගෙන මෙවර පෙරහැර ජාතික විකාශය දළදා මාළිගාවේ විකාශයක් ලෙසට ලෝකයට බොරුවක් කියමින් සිදු කළේය. පෙරහැර පැවැති අනෙක් දින නවයේම (8-16 දක්වා) විකාශන කටයුතු සිදු කරනු ලැබුවේ දළදා මාලිගාවේ මාධ්‍ය අංශයේ උපකරණ යොදා ගනිමින් එම ශිල්පීන් විසිනි. පෙර වසර කිහිපයේදීම ජාතික විකාශය සිදු කළේද එම ශිල්පීන් විසින් බවද පැවසේ. එහෙත් මෙවර ලැබුණු වෙනත් අවසරයකින් හෝ ලොකු ඉල්ලමක් නිසා එම පිළිවෙත වෙනස් වී තිබේ.


ගැටලුව වන්නේ මේ ස්වාධීන රූපවාහිණී ආයතන ප්‍රධානින්ගේ දැනුම්වත්භාවය, අනුමැතිය ඇතිව සිදුකළාද ? එමෙන්ම මෙම පෙරහැර විකාශය සඳහා මිලියන් ගනනින් මුදල් ප්‍රධානය කළ අනුග්‍රාහකයන්ද රැසක් සිටින අතර එම මුදල් විනිවිධ භාවයකින් යුතුව හැසිරවීම සිදු කළාද නො එසේ නම් මේ යාළු මිත්‍රයෝ අතර බෙදාහදා ගත්තාද ? යන්න ගැනය.

එමෙන්ම මෙවර පෙරහැර විකාශය අතිශය දුර්වල බවද ඉංග්‍රීසී හා සිංහල නිවේදකයන්ගේ දුර්වල බව හා විහිළු සහගත බව පැහැදිලිවම පෙනෙන්නට තිබුණ බවටද චෝදනා එල්ලව තිබේ. විශේෂයෙන්ම ඉංග්‍රීසි නිවේදකයන්ගේ නොදන්නා බව ලෝකයට දැක ගන්නට ලැබී තිබිණි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us