ගම්මන්පිලගේ කෙළි හෙළි කරන්න බ්‍රයන් ලංකාවට එනවලු

Published in පුවත්
Tuesday, 21 June 2016 17:47

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිලගේ මුල්‍ය වංචා නඩුව සම්බන්ධව අධිකරණය කැඳවීමක් සිදුකරන ඕනෑම අවස්ථාවක තමන් ශ්‍රී ලංකාවට පැමිණීමට සුදානම් බව ඔස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරික බ්‍රයන් ෂැඩික් ද පවසා ඇත. කොළඹ පැවති මාධ්‍ය හමුවකට ස්කයිප් තාක්ෂණය ඔස්සේ එක්වෙමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

මේ අතර වසර ගණනකට පසුව රුපියල් කෝටි 11 ක කොටස් ප්‍රමාණයක් ව්‍යාජ බලපත්‍රයක් මඟින් විකුණුවා කියමින් මුල්‍ය වංචාවක් සම්බන්ධ නඩුවකට තමන්ව පටලවන ලද්දේ පාඨලී චම්පිකගේ වෛරය විසින් බව ගම්මන්පිල පවසා ඇතැයි වාර්තා වෙයි. ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඔහුව බැලීම සඳහා මැගසින් බන්ධනාගාරයට ගිය අවස්ථාවේ මේ බව ඔහු සිය හිතවතුන්ට පවසා ඇති අතර එහිදී රණවක අමාත්‍යවරයාගේ අම්මා අප්පා සිහිකර දැඩි ආවේගයෙන් කතා කර ඇතිබවද වාර්තා වෙයි.

වැඩිදුරටත් බ්‍රයන් ෂැඩික් පවසන ලෙස ඔහු ඕස්ට්‍රේලියානු ලංකා සමාගමේ ආයෝජකයෙකු වශයෙන් කටයුතු කරන සමයේ එහි සම කොටස් කරුවෙකු වූ සිඩ්නි ජයසිංහ සමඟ එකතුව ගම්මන්පිල මෙම මුල්‍ය වංචාව සිදුකර ඇත. ඒ සමයේ ගම්මන්පිල සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කර ඇත. අනතුරුව ගම්මන්පිල - සිඩ්නි එකතුව සිඩ්නිගේ පුතා හරහා රටින් පිට වන ලෙස බ්‍රයන් ෂැඩික්ට මරණීය තර්ජන එල්ල කොට ඇත. එනිසා ඔහු රටින් පිටව ගොස් ඇති අතර පසුව තමන්ට සිදුවූ අවනඩුව ඉදිරිපත් කරන්නට උත්සහ කළත් එවකට පවතී දේශපාලන වටපිටාව තුළ ඊට ඉඩක් ලැබී නැත.

Last modified on Tuesday, 21 June 2016 17:49

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us