'පොලිසියත් කඩාකප්පල්කාරීන්ගේ පැත්තේ' -ඇමෙරිකාව

Published in පුවත්
Tuesday, 05 August 2014 11:55

කොළඹ මරදාන, සමාජය හා සාමයික කේන්ද්‍රයේ ඊයේ (04) සවස කැඳවා තිබුණ අතුරුදහන් වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන් සහභාගී වෙමින් සිටි රැස්වීමකට භික්ෂූන් වහන්සේලා ඇතුළු කණ්ඩායමක් කඩා වැදී එම රැස්වීම කඩාකප්පල්  කර දමනු ලැබීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය, තම නිලධාරීන් ද සහභාගී වෙමින් තිබුණ සාකච්ඡාවට බෞද්ධ භික්ෂූන් ද ඇතුළත් ප්‍රකෝපකාරී කණ්ඩායමක් විසින් බාධා කරන ලද බව පවසයි. 

රැස්වීමට කළ බාධා පිළිබඳ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ කනස්සල්ල පළ කරමින් නිකුත්කර ඇති එම නිවේදනය මගින් නීතියේ ආධිපත්‍යය සහතික කරනමෙන්  ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි.

එම නිවේදනයේ මෙසේද සඳහන්වේ. 

අගෝස්තු 4 වන දින, ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පවත්වන ලද රැස්වීමක් කෝපාන්විත උද්ඝෝෂණකරුවන් පිරිසක් (භික්ෂූන්ද ඇතුළුව) විසින් අතරමගදී නවත්වන ලදී. 


කොළඹ කතෝලික පල්ලියක පවත්වන ලද මෙම රැස්වීමට මෙම කලහකාරී පිරිස බලහත්කාරයෙන් ඇතුළ් වූයේ සිවිල් යුද්ධය නිසා අතුරුදන් වූ පුද්ගලයින්ගේ පවුල්වල අය ඔවුන්ගේ තොරතුරු සිවිල් සමාජ කණ්ඩායම් හා තනාපති ප්‍රජාව සමග පවසමින් සිටිනා අවස්ථාවේදී ය. 


මෙහිදී පොලිස් නිලධාරීන්ගේ මුල් ප්‍රතික්‍රියාව තුළ රැස්වීමට බාධා කිරීමට කලහකාරීන්ගේ උත්සාහයට සහයෝගයක් දක්නට ලැබීම ඇමෙරිකානු තානාපති කාර්යාලයේ කනස්සල්ලට හේතු විය. එසේ වුවද තානාපති කාර්යාලයේ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් පසු පොලිසිය විසින් කාර්යක්ෂම ලෙස තත්ත්වය පාලනය කරන ලදී.


මෙම පිරිස් අතුරුදන් වූ අයගේ පවුල්වල අය වෙත වෛරීසහගත සටන් පාඨ පළකරමින්, පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කරමින් ඔවුනට තර්ජනය කළහ. 

මෙම උද්ඝෝෂණකරුවන් විසින් පළ කළේ සාමකාමී උද්ඝෝෂණයකට ඇති සිය අයිතිය නොව සාමකාමීව රැස්වී සිටි යුද ගැටුම්වලින් ඉතිරි වූ පිරිසකට (ළමයින්ද ඇතුළුව) බාධා කිරීමයි. 

මෙම ක්‍රියාවෙන් අවබෝධ වූයේ උද්ඝෝෂණකරුවන් විසින් එහි සිටි අය තැති ගන්වා ඔවුන් නිශ්ශබ්ද කිරීමයි.

ශ්‍රී ලංකා රජය වෙත අමෙරිකා එක්සත් ජනපදය විසින් බල කර සිටිනුයේ නීතියේ ආධිපත්‍යය බලගන්වා, ශ්‍රී ලංකාවේ සියලුම වැසියන්ට සිය භාෂණයේ හා රැස්වීමේ නිදහස ඇතුළුව මූලික මානව අයිතීන්වලට ඉඩ සලසා දෙන ලෙසය.

මෙම රැස්වීමට සහභාගිවීමට උතුරේ සිට මෙහි පැමිණි මෙම පවුල්වල අය කොළඹ දී හා සිය ගම් බලා ගිය පසු ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කළ හැකි සියල්ල කරන මෙන් ද අපි ඉල්ලා සිටිමු.''

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us