උපවාසයේ සිටින සිරකරුවන් දෙදෙනාගේ තත්වය අසාධ්‍ය අතට. මාධ්‍ය, මානව හිමිකම් සංවිධාන නිහඬයි

Published in පුවත්
Monday, 14 December 2015 16:59

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කළ බවට චෝදනා ලබා බන්ධනාගාර ගතව සිටින සිවරාජා ජෙනිවන් තමන්ට ලබා දුන් අසාධාරණ නඩු තීන්දුවට එරෙහිව 2015.12.07 වන දින සිය උපවාසය ආරම්භ කළ අතර තවත් දේශපාලන සිරකරුවකු වන මුරුගයියා කෝමගන් 2015.12.09 වන දින සිය උපවාසය ආරම්භ කළේය

මේ වන විට එම දේශපාලන සිරකරුවන් දෙදෙනාගේ අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත ඔවුන් දෙදෙනා වැලිකඩ බන්ධනාගාරයෙන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.

වෛද්‍ය ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරමින් ඔවුන් දිගටම උපවාසයේ නියුතු බව දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරයේ සත්‍යවේල් පියතුමා පැවසීය. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ අදාල බලධාරීන් කිසිවෙක් මෙකී සිරකරුවන් දෙදෙනාගේ උපවාසය කෙරෙහි මෙතෙක් මැදිහත් වී නොමැති බවයි.

ඔවුන්ගේ ඉල්ලීම් වූයේ නීතිපති දෙපාර්තමේන්තුවේ හෝ අගමැති කාර්යාලයෙන් බලය ලත් නිලධාරියකු පැමිණ, නීතිය ඉදිරියේ ඔවුන්ට සිදුවූ අසාධාරණය පිළිබඳව සලකා බලන ලෙසයි. හුදෙක් සිංහල නොදත් ඔවුන්ගෙන් ලබාගත්තායැයි කියන පාපොච්චාරණයන් මත පමණක් ම ලඝු වෙමින් ගොණු කෙරුණු ඔවුන්ගේ නඩු වලදී නීතිපති දෙපාර්තමේන්තුවේ සහ පොලීසියේ පළිගැනීමට තමන් ලක්වූ බව ඔවුහු කියති.

එසේම, මින් සිවරාජා ජෙනිවන්ට එල්ල වී ඇති චෝදනාව 2006 වසරේ දී එවකට ඇමති සහ වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනයට තැත් කිරීම වීම නිසාවෙන් දෝ උක්ත කී සංවිධානය හැර කිසිදු ජනමාධ්‍යයක් හෝ මානව හිමිකම් සංවිධාන හෝ දේශපාලනඥයින් හෝ මෙම ගැටළුවේදී ඉදිරිපත් වන ස්වභාවයක් ද පෙනෙන්නට නැත.

 

සැබැඳි පුවත් :

මෛත්‍රී ඝාතන කුමන්ත්‍රණය: ජනපතිවීමෙන් පසුව දඬුවම දෙගුණවිමේ අයුක්තිය ගැන

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us