වී වගාව නැවැත්විය යුතුයි. නැත්නම් රට පුරාම වකුගඩු රෝගය පැතිරේවී

Published in පුවත්
Tuesday, 01 December 2015 09:44

ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගය පැතිර යන්නේ ජලයෙන් නොව ආහාරවලින් සිරුරට ඇතුළු වන කැඩ්මියම් විෂ රසායනය හේතුවෙන් බව අවධාරණය කරන ඔහු, එම ආහාර බුදීමෙන් වැලකීම රෝගය පැතිරයාම වැළැක්වීමේ එකම ක්‍රමවේදය බව ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂක ආචාර්ය කමල් ගම්මම්පිල පෙන්වා දෙයි.

"සියයට පනහක් ඇඟට වැටෙන කැඩ්මියම් එන්නේ බත්වලින්. මේ කුඹුරුවල වැවීම වහාම නවත්තන්න ඕන," ආචාර්ය කමල් ගම්මම්පිල පවසයි.

"අපි සොයා බලන්න ඕන මොන කුඹුරුවලද වැඩිය කැඩ්මියම් තියෙන්නේ, මොන හාල්වලද වැඩිය කැඩ්මියම් තියෙන්නේ ... අපි වහාම ඒක නවත්තන්න ඕන." යනුවෙන්ද ඔහු බීබී සී සංදේශයට අදහස් දක්වමින් පවසා ඇත


ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගය පැතිර පවතින ප්‍රදේශවල දෛනික ආහාර වේලේ අඩංගු කැඩ්මියම් ප්‍රමාණය අඩු කිරීම පිණිස වහාම පියවර නොගතහොත් ඉදිරි වසර කිහිපය ඇතුලත වකුගඩු රෝගය රට පුරාම පැතිර යා හැකි බවට ශ්‍රී ලාංකික විශේෂඥයෙක් අනතුරු අඟවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූල්‍ය අනුග්‍රහය සහිතව ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මීට ඉහතදී පවත්වන ලද පරීක්ෂණයෙන් පෙන්වා දෙන පරිදි වකුගඩු රෝගයට ප්‍රධානම හේතුව ග්ලයිෆොසෙට් විෂ නාශකය නොවන බවයි, ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂක ආචාර්ය කමල් ගම්මම්පිල බීබීසී සංදේශයට කියා සිටියේ.

"හුඟක් විද්‍යාඥයන්ගේ අදහස තියෙන්නේ මේක සාමාන්‍යයෙන් ගොවියන් අතර තියෙන ලෙඩක් කියල. නමුත් ඒක ගොවියන්ට පමණක් තියෙන දෙයක් නෙවෙයි," ආචාර්ය ගම්මම්පිල පැවසීය.

ආචාර්ය ගම්මම්පිල පසුගියදා ලන්ඩනයේදී සිය සොයා ගැනීම් ඉදිරිපත් කරමින්
පසුගියදා ලන්ඩන් නුවරදී සිය සොයා ගැනීම් ප්‍රකාශයට පත් කළ ආචාර්ය ගම්මම්පිල අවධාරණය කරන්නේ වකුගඩු රෝගය පැතිර යාමට ප්‍රධානම හේතුව ආහාරවල අඩංගු කැඩ්මියම් ප්‍රතිශතය ඉහල යාම බවයි.
"ගොවියන්ට රෝගය වැඩියෙන් වැළඳෙන්නේ ඔවුන් තමන් වවන දේ තමන්ම කන නිසා. නමුත් නගරබද මිනිස්සු සල්ලිවලට ගන්නේ තමන්ගේ ආහාර ද්‍රව්‍ය. ඒගොල්ලන්ගේ මාකට් ඒකට එන ආහාර විෂබීජ වැඩි පලාත්වලිනුත් ලැබෙනවා; විෂබීජ අඩු පලාත්වලිනුත් ලැබෙනවා," යන්න ලන්ඩනයේ වෙසෙන ශ්‍රී ලාංකික පර්යේෂකවරයාගේ විග්‍රහයයි.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගය පැතිර යාමට ප්‍රධාන හේතුව ග්ලයිෆොසෙට් විෂ රසායනය බව රජරට විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන ඇතුළු ක්‍රියාධරයන්ගේ මතයයි.


ඒ මතය පිළිගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ග්ලයිෆොසෙට් විෂ රසායනය ශ්‍රී ලංකාව තුල තහනම් කරනු ලැබ ඇතත් ඇතැම් ප්‍රදේශවල තවමත් එම රසායනය වැඩි මිලට අලෙවි කෙරෙන බව වෛද්‍ය ජයසුමන මීට ඉහතදී සංදේශයට පැවසීය.

කෙසේ නමුත් කිසිවකු කැඩ්මියම් අඩංගු ආහාර අනුභව කරන්නේ නම් එමගින් වැළඳෙන එකම රෝගය වකුගඩු රෝගයය යන්න එක්සත් ජාතීන්ගේ පිළිගත් නිර්ණායකවලට අනුකූල නිගමනය බවයි ආචාර්ය කමල් ගම්මම්පිල අවධාරණය කරන්නේ.

"ලංකාවේ හැදෙන විදියට වකුගඩු රෝගය හැදෙනවා නම්, ඒකට සම්බන්ධ එකම රසායනික විෂ ද්‍රව්‍යය කැඩ්මියම්."

ආචාර්ය ගම්මම්පිල මතු කරන කරුණු සම්බන්ධයෙන් විමසීම පිණිස දින කිහිපයක් මුළුල්ලේ වෛද්‍ය චන්න ජයසුමන ඇමතීමට බීබීසී සංදේශය දැරූ උත්සාහය සාර්ථක නොවීය.


ග්ලයිෆොසෙට් නිෂ්පාදනය කරන බහුජාතික සමාගම්වල අවශ්‍යතා ඉටු කිරීම පිණිස මෙවැනි තර්කයක් ඉදිරිපත් කරන බවට චෝදනාවක් එල්ල විය හැකි නොවේදැයි යන්න ලන්ඩනයේ ඉම්පීරියල් කොලේජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකවරයා වෙත බීබීසී සංදේශය යොමු කළ ප්‍රශ්නයක්.

තමන් මෙසේ ඉදිරිපත් කරන්නේ සිය පෞද්ගලික අදහස නොව ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු එක්සත් ජාතීන්ගේ ආයතන පිළිගත් මතය බවයි, එයට පිළිතුරු දෙමින් ඔහු අවධාරණය කරන්නේ.
ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගය පැතිර යන්නේ ජලයෙන් නොව ආහාරවලින් සිරුරට ඇතුළු වන කැඩ්මියම් විෂ රසායනය හේතුවෙන් බව අවධාරණය කරන ඔහු, එම ආහාර බුදීමෙන් වැලකීම රෝගය පැතිරයාම වැළැක්වීමේ එකම ක්‍රමවේදය බව පෙන්වා දෙයි.

"සියයට පනහක් ඇඟට වැටෙන කැඩ්මියම් එන්නේ බත්වලින්. මේ කුඹුරුවල වැවීම වහාම නවත්තන්න ඕන," ආචාර්ය කමල් ගම්මම්පිල පවසයි.
"අපි සොයා බලන්න ඕන මොන කුඹුරුවලද වැඩිය කැඩ්මියම් තියෙන්නේ, මොන හාල්වලද වැඩිය කැඩ්මියම් තියෙන්නේ ... අපි වහාම ඒක නවත්තන්න ඕන."

 

bbc

Last modified on Tuesday, 01 December 2015 09:47

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us