ඒකාබද්ධ විපක්ෂයේ බුද්ධි මණ්ඩලය, ‘මහින්දට බෑ‘ කියයි

Published in පුවත්
Sunday, 29 November 2015 13:12

විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුද්ධි මණ්ඩලය (Think Tank ) ලෙස කටයුතු කරන ‘වියතුන්ගේ හඬ‘ නැමැති කණ්ඩායම මේ වන විට තම දේශපාලන වුවමනාව ඉදිරියට ගෙන යාම සඳහා අලුත් නායකයකු සොයමින් සිටින බව වාර්තාවේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරටුකරගෙන නව දේශපාලන ගමනක් යා හැකි බවට රට තුල මතයක් සකස් කිරීමට පසුගිය කාලය පුරා ඔවුන් උත්සහ කළද එය තව දුරටත් කළ නොහැකි බව පසුගිය සතියේදී ඔවුන් සාකච්ඡා කර තිබේ. විශේෂයෙන් ඔහුගේ සිංහල බෞද්ධ ජාතිවාදී ක්‍රියාකලාය නිසා සුළු ජාතිකයන් රාජපක්ෂ මහතාට ආකර්ශනය කර ගැනිමට ඉදිරි කාලයේදිවත් කළ නොහැකි බව ඔවුන්ගේ තීරණය වී තිබේ.

එමෙන්ම ඊට පසුව සලකා බැලූ ගොඨාභය රාජපක්ෂ මහතාද , දිනේෂ් ගුණවර්ධන මහතාද, ප්‍රසන්න රණතුංග මහතාද මේ කටයුත්තට නොගැලපෙන බවත් ඔවුන්ටද රාජපක්ෂ මහතාට එල්ල වූ චෝදනාම එලෙසින්ම බල පැවැත්වෙන බවත් එම කණ්ඩායමේ අදහසය. අවසන් වශයෙන් ඔවුන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන විදේශ ඇමති මංගල සමරවීර මහතා සම්බන්ධයෙන්ද සාකච්ඡා කර තිබේ. සමරවීර මහතා එජාපය නියෝජනය කළ ද ඔහුගේ උරුමය තිබෙන්නේ ශ්‍රි ලනිපයේ වීමත් ජාත්‍යන්තරය පිළිගත් ලිබරල් ප්‍රජාතනත්‍රවාදියකු වීමත් ඊට හේතුවෙ තිබේ.

එහෙත් ඔහු සුළු ජාතීන් කෙරෙහි වැඩි නැබුරුතාවයක් දැක්වීම සිංහල බෞද්ධ ඡන්ද පදනම ආකර්ෂණය කර ගැනිම සම්බන්ධව ගැටලුකාරී බව ඔවුන්ට පෙනී ගොස් තිබේ. එම නිසා ඔහුවද අතහැර දමා තිබේ.

මේ කෙසේ නමුත් ඔවුන් හදිස්සියේ තම අනාගත නායකයා කවුරුන් විය යුතුද යන්න ගැන සාකච්ඡවක් ආරම්බ කර තිබේන්නේ වර්තමානයේ ප්‍රකට තරුණ ජොතිෂ්‍යවේදීයකු පවසා ඇති අනාගත වාඛ්‍යයක් නිසාය. ඔහු පවසා ඇත්තේ වත්මන් ජනාධිපතිවරයාගේ පාලන සමය තව වසර දෙකක් ඇතුලත නිමාවන බවය. එය භයංකර අනාවැකියක් වන නමුත් ඒ අවස්ථාවෙන් හෝ මහින්ද රාජපක්ෂ මහතාට ව්‍යවස්ථානුකුලවවත් රටේ නායකත්වය ලබා ගැනීමේ හැකියාවක් නැත.

එවිට ශ්‍රී ලනීපයේත් රටෙත් නායකත්වය නායකත්වය බාර ගැනීමට නායකයකු දැන්ම තබා නිර්මාණය කර ගතයුතු බව මේ වියතුන්ගේ අදහස වී තිබේ.

මෙම වියතුන්ගේ හඬ සංවිධානයේ නිළධාරීන් මෙසේය.

සභාපති මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම මහතා. ලෙකම් නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ මහතා .

උප සභාපතිවරු ලෙස ආචාර්ය නාලක ගොඩහේවා, මහාචාර්ය ජනිත ලියනගේ කටයුතු කරන අතර භාණ්ඩාගාරිකවරයා ලෙස අනුරාධා යහම්පත් මහත්මිය මෙයට සම්බන්ධව සිටී . මෙහි උපදේශකවරුන් ලෙස රසික් සරූක්, මහාචාර්ය ගාමිණී සමරනායක, මහාචාර්ය ක්ෂණිකා හිඹුරේගම, මහාචර්ය ජී එල් පීරිස්, මහාචාර්ය රජීව් විජේසිංහ, හා ආචාර්ය දයාන් ජයතිලක යන අය කටයුතු කරති. මෙහි බාරකාර අනුශාසක ලෙස මහාචාර්ය කඹුරුගමුවේ වජිර හිමි කටයුතු කරයි.

මෙම සංවිධානයේ මූල්‍යමය අනුග්‍රාහකත්වය හිටපු ජනාධිපති බිරිඳවන ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ සොහොයුරු ශ්‍රී මාල් වික්‍රමසිංහ මහතාය විසින් සපයයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us