මෙම ණය මුදල් ගෙවා දැමීම සඳහා ඔහු සිය නිවසද උගස් තබා ඇති අතර එම නිවස උකසෙන් බේරාගැනීම සඳහා දිනිදු පුතා පැහැරගැනීමේ සැලැස්ම සියත්කොට ඇත.
දිනිදු පුතා පැහැරගැනීමෙන් අනතුරුව ඔහුව බලාගැනීම උදෙසා සැකකරුවන් කාර්යයන් බෙදාගෙන ඇතිඅතර එහිදී මහමොළකරු වන මංජුල විසින් දරුවාට කෑම දීමේ කාර්ය බාරගෙන ඇත. ඒ අනුව ඔහු විසින් දරුවාට නූඩ්ල්ස් හා කිරි පැකට් වලින් නොමදව සංග්‍රහ කොට තිබුණි. දරුවා රැකබලාගැනීම සිදුකර ඇත්තේ චතුරංග නම් සැකකරු විසින් වන අතර දරුවා සමග සෙල්ලම් කිරීමත් පිරිසිදු කිරීමත් දිනේෂ් නම් සැකකරු විසින් සිදුකර ඇත.
මෙම සැකකරුවන් දරුවාට උපරිමයෙන් සලකා ඇති අතර ඔවුන් දරුවා මදුරුවන්ගෙන් බේරාගැනීමට මදුරු දැලක් ද අලුතින් කොට්ට සහ මෙට්ටයක් ද මිලදී ගෙන තිබේ.
මෙහි ප්‍රධාන සැකකරු මංජුල සඳකැලුම් රාත්‍රී පුවත් විකාශය නරඹන අතරේ දීනිඳුගේ තාත්තා අඬන ආකාරය දැකීමෙන් අනතුරුව ඔහු දැඩි ලෙස ඒ පිලිබඳ කම්පාවට පත්වී තිබේ. ඉන් අනතුරුව දරවා තවත් හොදින් බලාගැනීමට කටයුතු කල බව ඔහු රහස් පොලිසිය හමුවේ පාපොච්චාරණය කොට ඇත.
(නෙත් එෆ් එම් )
දනිඳු යශේන් දරුවා පැහැරගැනීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ මංජුල සඳකැළුම් නමැත්තාගෙන් දීර්ඝ පාපොච්චාරණයක් ලබාගෙන තිබේ. එම පාපොච්චාරණයට අනුව මංජුල සඳකැලුම් මෙයට කලකට පෙර ධනවත් ව්‍යාපාරිකයෙකි. කල්ගත වීමත් සමග ඔහුගේ ව්‍යාපාර බංකොලොත් වී ඇති අතර ඒ හේතුවෙන් ඔහු බොහෝ පිරිසකට ණය වී තිබේ.
Leave a comment
Gossip
ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි
සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...
පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි
මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...
කලා
ගුණසේකර ගුණසෝමගේ වන්නියලැත්තෝ 20 දා එළිදකී
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
අනං මනං
ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)
කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...
ක්‍රීඩා
තරුෂි වසර 39ක් පැරණි කනිෂ්ඨ මලල ක්‍රීඩා වාර්තාවක් අලුත් කරයි
ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකා තරුෂි අභිෂේකා වසර 39ක් පැරණි ශ්‍රී ලංකා කනිෂ්ඨ (අවුරුදු 20න් පහළ) මලල ක්...