තම පියවරුන් නිදහස්‌ කරන්නැයි උතුරේ දරුවෝ උද්ඝෝෂණයේ

Published in පුවත්
Thursday, 01 October 2015 07:20

යුද සමයේදී සහ යුද්ධයෙන් පසුව විවිධ වූ ක්‍රියාකාරකම් හේතුවෙන් තවමත් බන්ධනාගාරගතව සිටින දේශපාලනික සිරකරුවන් වූ තමන්ගේ පියවරුන් වහාම නිදහස්‌ කරන මෙන් වත්මන් රජයෙන් ඉල්ලා යාපනය, වව්නියාව ආදී ප්‍රදේශ කිහිපයක ඊයේ සහ පෙරේදා කුඩා දරුවෝ සහ පාසල් සිසුහු ‌ විරෝධතාවක නිරත වූහ.ළමා දිනය අලලා මේ ක්‍රියාකාරකමෙහි ඔවුහූ නිරත වූහ.

නැවත පදිංචිව තවමත් තාවකාලික පැල්පත්වල සිට විරෝධතාවයේ සිටි කුඩා දරුවන් කියා සිටියේ යුද්ධයෙන් පසුව නැවත පදිංචි වුවද නිවසේ පියා නොමැති වීම හේතුවෙන් තමන්ගේ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම බිඳ වැටී ඇති අතරම සිය පවුල්වල ආර්ථික අගහිඟකම් දරාගත නොහැකි බවත් මේ වන තුරුත් තමන්ට ස්‌ථීර නිවසක්‌ නොලැබීම හා සමාජීය නොසැලකීම යන ප්‍රධාන කරුණු හේතුවෙන් තමන් දැඩි සේ පීඩා විඳින බවටයි. එමෙන්ම මේ වන විට වව්නියාව බන්ධනාගාරයේද එවැනි දේශපාලනික සිරකරුවන් පිරිසක්‌ සිටින බැවින් තමන්ගේ පියා හැකි ඉක්‌මනින් නිදහස්‌ කර දෙන මෙන් විරෝධතාවයේ නිරත කුඩා දරුවන් වත්මන් රජයෙන් ඉල්ලා සිටියහ.

 

jaffna-children-pp-protest-4vavuniya-child-protest-1vavuniya-child-protest-2vavuniya-child-protest-3
jaffna-children-pp-protest-3

 

jaffna-children-pp-protest-1

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us