විශේෂයෙන් කඩිනම් සංවර්ධන කටයුතු ඉලක්ක කරගෙන මෙලෙස නව අමාත්‍යංශ කිහිපයක්ම හඳුන්වා දෙනු ඇත.
එජාප ප්‍රතිපත්ති ප්රකාශනයේ සඳහව තිබු 'මෙගාපොලිස්' සංකල්පය වෙනුවෙන් නව ඇමැතිධුරයක්ද, සියලූම බලශක්ති සම්බන්ධ ව එක් ප්‍රබල අමාත්‍යංශයක් බිහි කිරීමද ඒ අතර වේ.
මින් එක අමත්‍ය ධුරයක් පාඨලි චම්පික රණවක මහතාට හිමිවනු ඇති බවත් පැවැසේ.
කෙසේ නමුත් හෙට දිනයේදී ඇමැතිවරු 28 දෙනෙකු දිවුරුම් දෙනු ඇති බව පැවසේන අතර ජාතික ආණ්ඩුව වෙනුවෙන් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණු පසුව 45ත් 50 ත් අතර ප්‍රමාණයකට කැබිනට් ඇමැති මණ්ඩලය පුළුල් වෙනු ඇත.