ලංගම සේවකයින් ඡන්ද වැඩ වලින් ඉවත් කරන්න - මැ.කො.

Published in පුවත්
Tuesday, 04 August 2015 12:08

ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකියින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යෙදවීම වහාම නවත්වන ලෙස ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්ට සහ ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිට නියෝග කරමින් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ලිපියක් යවා තිබේ.

මහරගම, මොරටුව, කටුබැද්ද, කැස්බෑව සහ අනුරාධපුරය ඇතුළු ඩිපෝ රාශියක සේවකයින් සේවයට වාර්තා කිරීමෙන් පසු විවිධ දේශපාලන පක්ෂවල මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරතවන බවට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය මැතිවරණ කොමසාරිස්වරයාට කළ පැමිණිල්ලක් සලකා බලමින් මෙම තීරණය ගෙන ඇත.


මීට අමතරව ඌව පළාතේ සහ කුරුණෑගල, කළුතර දිස්ත්‍රික්කයන්හි ඩිපෝවල සේවකයින් ද එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල නිරත වන බවට තමන්ට පැමිණිලි ලැබී ඇති බව මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කර ඇත.


රාජ්‍ය නිලධාරීන් සහ රාජ්‍ය දේපළ අවභාවිතය මැතිවරණ නීතිය යටතේ ද 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ විධි විධාන සහ රජයේ පාලන රෙගුලාසි යටතේ ද නීති විරෝධී හා දඬුවම් ලැබිය හැකි වරදක් බව මැතිවරණ කොමසාරිස් අමාත්‍යංශ ලේකම්වරයාට යැවූ ලිපියේ සඳහන්ය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us