ගින්නට විනාශ නොවූ ටූරියා සහ මයිකල්ගේ ආදරය

Published in අනං මනං
Saturday, 25 July 2015 13:12

ආදරය ගැන කියවෙන කවි, සින්දු, පොත්,චිත්‍රපට ඕනෑතරම් ලෝකයේ තියෙනවා. ඒත් ආදරේ කියන්නෙ මොකක්ද කියන ප්‍රශ්නෙට හරි උත්තරේ නෙමේ ආසන්න උත්තරයක් වත් ලබාදෙන්න ලෝකය අසමත්.

ආදරේ මෙහෙම දෙයක් ඒක ඇති  වෙන්නෙ මෙහෙමයි කියල පැහැදිලිව කියන්න කාටවත් බැරි උනත් ආදරේ දැනෙන ආදරේ පෙනන අවස්ථාවලට උදාහරණ නම් ඕනෑතරම් ලෝකයේ පවතිනවා.

ටූරියා පිට් නිරූපිකාවක් වගේම මළල ක්‍රීඩිකාවක්. මීට වසර හතරකට පෙර ඕස්ට්‍රේලියාවේ පැවැත්වුණු මැරතන් ධාවන තරඟයකට සහභාගී වී සිටින ටූරියා ලැව් ගින්නකට මැදිවෙනවා.

එම ගින්නෙන්  ටූරියාගේ සිරුරේ හතරෙන් තුනක්ම පිළිස්සෙනවා. තමන්ගෙ ජීවිතය විනාශ කරමින් ඇවිලුණු ගින්නෙන් ජීවිතයත් මරණයත් අතර සටනකට මුහුණ දෙන ටූරියාට නව බලාපොරොත්තුවක් ගෙන එන්නේ මයිකල් හොස්කින්.

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ටූරියා වෙත එන මයිකල් මුදුවක් පළඳවමින් තම ප්‍රේම ආරාධනාව ඇය වෙත ඉදිරිපත් කරනවා. ඔවුන්ගේ ප්‍රේමයට වසර හතරක් ගත වෙලා.

ඔවුන් දැන් ලෑස්තිවෙන්නෙ විවාහ වෙන්න. පසුගියදා  ටූරියා සහ මයිකල් තමන්ගෙ විවාහ ගිවිසගැනීම ප්‍රකාශයට පත් කරා.

දැනට සමාජ සේවිකාවක් ලෙස රැකියාව කරන ටූරියා පෙන්වූ  ධෛර්ය  හේතුවෙන් ඇය ඕස්ට්‍රේලියාව තුල පමණක් ඇගයීම් රාශියකට ලක් වෙලා තියෙනවා. ඇගේ ධෛර්ය පිටුපස සිටින්නේ ආදරය බව පවසන ටූරියා නව ජීවිතය පිළිබඳ සිහින දකිමින් සිටිනවා.

ඇත්ත ආදරය මිනිස්සුන්ට ධෛර්ය වගේම ජීවිතයත් දෙනවා.

turia2

 

turia1 

   

Last modified on Saturday, 25 July 2015 15:03

 

ld add copy

Gossip

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට   

පොහොට්ටුව ජනාධිපතිට නට්ට නාමල්ට  

ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් පසුපෙළ මන්ත්‍රීවරුන් 48 දෙනකු කොළඹදී ස්ථාන දෙකකදී...

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

ගල් අරක්කු මිල අඩු කරන්න IMF අනුමැතිය ගන්න වෙනවලු

සුරාබදු ආදායම පනත යළි සංශෝධනය කරමින්, මත්පැන් වලින් ලැබෙන රාජ්‍ය බදු ආදායම වැඩි කරගැනීමට රජය සුදානම්...

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

ජනාධිපතිවරණය ඔක්.05 හෝ 12 ස්ථිරයි. ජනපති රනිල් සූදානම්. විපක්ෂය සෝදාපාළුවක

නෛතික ප්‍රතිපාදන අනුව නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ඊයේ (11) පාර්ලිමේන්තුවේ පැවති...

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

චම්පික පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය ඉල්ලා

හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු වන සහ දැන් අලුතින් පිහිටුවන ලද එක්සත් ජනරජ පෙරමුණේ (URF) නායක පාඨලී චම්ප...

Connet With Us