ඔහු පෙන්වා දෙන්නේ ඊට අදාල මූලික සැලැස්ම දැනටමත් සකස් කර ඇති බවයි. අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ ජාතික යොවුන් පෙරමුණ බලගැන්වීමේ සමාරම්භක උළෙලට ඊයේ(24) එක්වෙමිනි.
රටේ ඔ්නෑම පුරවැසියෙකුට නොමිලයේ අන්තර්ජාලයට සම්බන්ධ වීමේ ක්‍රමවේදයක් සැකසීම සදහා මේ වන විට අායතන ගණනාවක් සමග සාකච්ඡාකර අැති බවත් ඒ අනුව ජනතාවට රුපියලක් වක් නොගෙවා අන්තර්ජාලයට පිවිසීමට හැකි වන තරමේ තාක්ෂණ දියුණුවක් ගෙන ඒමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.
කෙසේ වෙතත් අන්තර්ජාලය පරිහරණයට අවස්ථාවක් හෝ හැකියාවක් නොමැති විශාල පිරිසක් ජීවත් වන රටක් ලෙස ලංකාව හැදින්විය හැකිය.සමහරෙක් අන්තර්ජාලයේ අනිසි විපාක ගැන කියද්දී විශාල පිරිසක් අන්තර්ජාලය භාවිතා කර නොමැත.විපාක කතා කිරීමට පෙර වැදගත් වන්නේ එම තාක්ෂණය හිමිකර ගැනීම සදහා උත්සාහ දැරීමය.