සත්‍ය සංඛ්‍යාලේඛන ගෙන බැලීමේදී රාජපක්ෂ පාලන සමයේ ගෙනගිය සංවර්ධන ප්‍රෝඩාව සහ ඉතිහාසගත ලෙස අඩුවූ රැකියා වියුක්තියට වඩා වෙනස් කතාවක් පැවසේ.
පහුගිය වසරේ ජුනි මස බොලීවියාවේ පැවති 77+ චීන සමුළුවේදී හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කරනු ලැබුවේ මහින්ද චින්තන වැඩ පිළිවෙළේ ප්‍රථිපලයක් ලෙස ලංකාවේ රැකියා වියුක්තිය 4.1% දක්වා පහළ බැස ඇති බවයි.
එමෙන්ම හිටපු ආරථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂත් ප්‍රකාශ කරනු ලැබුවේ ලංකාව රැකියා වියුක්තියේ පහලම අගය 2014 වසරේ පෙන්වා ඇති බවයි. නමුත් 2013 සහ 2014 වසරේ සංඛ්‍යා ලේඛන සංසන්දනය කිරීමේදී රැකියා වියුක්තිය වාර්තා ගත ලෙස වැඩි වී ඇති බව පෙනී යයි.
2013 සහ 2014 අතර කාලයේ කොළඹ දිස්ත්‍රික්කය තුල පමණක් රැකියා අහිමිවීම් අවම වශයෙන් 12,000ක් බව එම වාර්තා පෙන්වා දෙයි. නමුත් මෙම තත්ත්වය කළුතර, අනුරාධපුර, කෑගල්ල, පුත්තලම සහ මහින්දගේ ගම් ප්‍රදේශය වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ රැකියා අහිමිවීම් දෙස බැලීමේදී ඉතා අඩු තත්ත්වයකි.
දිවයින පුරා රැකියා වියුක්තිය 1,800න් අඩුවනවිට කොළඹ, අම්පාර, අනුරාධපුර, කෑගල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයන්ගේ 2013 සහ 2014 අතර කාලයේ රැකියා වියුක්තියේ වර්ධනයක් පෙන්වයි. නමුත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඩොලර් මිලියන ගණනක් වැය කරමින් සිදු කෙරුණු මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති දෙස බැලීමේදී එම දිස්ත්‍රික්කයෙන්ම 5.1% රැකියා වියුක්තියක් වාර්තා වීම ගැටලුකාරී තත්ත්වයකි.
මෙම සංඛ්‍යා ලේඛන සමඟ 2013 වසරේ විශ්ව විද්‍යාලවලින් පිට වූ ප්‍රමාණය සංසන්ධනය කිරීමේදී ඉතාමත් දුර්වල තත්ත්වයකි. කොළඹ, කැලණිය, ශ්‍රී ජයවර්ධනපුර සහ මොරටුව විශ්ව විද්‍යාලවලින් පිට වූ උපාධිදාරීන් ප්‍රමාණයේ එකතුව අවම වශයෙන් 7,000ට අසන්න බව වාර්තා වේ. 2013 වසරේ 31,000 ලෙස වාර්තා වූ රැකියා වියුක්තිය සහ රැකියා අහිමිවීම 2014 වසරේදී 38,000 දක්වා වැඩි වී ඇති අතර එයින් පෙනී යන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිවන උපාධිදාරීන්ට සාපේක්ෂව රැකියා උත්පාදනය කිරීමට රජය අපොහොසත් වී ඇති බවයි.
මේ අනුව රාජපක්ෂ රජය මවා පෙන්වූ සංවර්ධනයේ ප්‍රෝඩාව සහ ඇත්ත තත්ත්වය මනාව පැහැදිලි වේ. එමෙන්ම එකල රජය 56% කට වඩා ජාතික අයවැයක් පවත්වාගෙන ගියත් ලංකාවේ ජනතාවට ප්‍රමාණවත් තරම් රැකියා නිර්මාණය කිරීමට අපොහොසත් වී ඇති බව පැහැදිලි වේ.
සංවර්ධනය ලෙස පෙනෙන එකම දෙය වන්නේ රාජපක්ෂ පවුලේ උදවියගේ සිදු වූ සංවර්ධනය පමණි. ගෝඨාබය රාජපක්ෂගේ මිග් යානා ගනුදෙනුව, බැසිල් රාජපක්ෂගේ දිවි නැගුම වංචාව සහ උදයංග වීරතුංගගේ යුක්රේන කැරලි කරුවන් සමඟ තිබූ ගනුදෙනු දෙස බැලීමේදී පෙනීයන්නේ මේ රටේ අහිංසක පීඩිත ජනතාවගේ ආර්ථිකය කෙසේවෙතත් තම තමන්ගේ ආර්ථික සුරක්ෂිතතාවය වෙනුවෙන් ඔවුන් කටයුතු කර ඇති බවයි.