මහින්දට හොර රැළෙන් තොර ලොවක් නෑ-අර්ජුන

Published in පුවත්
Friday, 17 July 2015 10:41

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යනු හොරු සමඟ ජීවත් වන නායකයෙකු බවත් මෙවරත් හොර නඩයක් පිරිවරා ගෙන මැතිවරණයට පැමිණ අැති බව අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළේය.ඔහු මේ බව පැවසුවේ ඊයේ (16) මහර පැවැත්වුණු උත්සවයක් අමතමිනි.

අපි එකමුතුව හැදු බුද්ධිමත්, උගත්, වැදගත් දේශපාලඥයින් පිරිසක් සහිත ලැයිස්තුව සුසිල් ප්‍රේමජයන්ත ලේකම්තුමා මැදමුළනට රැගෙන යාම සමග වැදගත් අයගේ නම් ටික කපා හොරු, කුඩුකාරයෝ, ස්ත්‍රී දූෂකයෝ, කප්පම්කාරයෝ, කප්පම්කාරයින්ගේ නෝනලාගේ නම් වලින් එය පිරුණ බව පැවසුවේය.

උත්සවය ඇමතූ රණතුංග මහතා වැඩිදුරටත් මෙසේ පැවසුවේ ය.

“ මහින්ද රාජපක්ෂ මහත්තයා මේ වගේ හොරු එක්ක ජීවත්වන නායකයෙක් කියන එක නැවත වරක් අපිට පෙන්නලා දුන්නා. එහෙම නැතිවුණා නම් සමහරවිට අපිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පිරිසිදු කණ්ඩායමක් එක්ක මේ මැතිවරණයට යන්න තිබුණා. ඒ තත්ත්වය වෙනස් කළේ මහින්ද රාජපක්ෂ මහත්තයා එක්ක ඉන්න දේශපාලන පාළුවෝ ටික. මේ ආණ්ඩුව හදපු දවසේ ඉඳලා බලයේ හිටපු සියලු දෙනාට අවශ්‍යවෙලා තිබුණේ ඉතාමත් ඉක්මනින් බලය නැවත ලබා ගන්න.

තමුන්නාන්සේලා දන්නවා හිටපු ඇමතිවරු මොනවගේ තත්ත්වයකින්ද පටන්ගත්තේ, අද මොනවගේ තත්ත්වයකද ඉන්නේ කියලා. මම දැක්කා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා පන්සලකට ගියවෙලේ කියා සිටියා, අපේ හාමුදුරුවනේ මගේ කාලේ ඇමතිවරු හොරකම් කළා කියලා. අපි අභියෝග කරනවා, එහෙම හොරකම් කරපු ඇමතිවරුන්ගේ නම් ටික එළියට දාන්න කියලා. අද වෙනකම් ඒ නම් ටික එළියට දාන්නේ නැහැ. මොකද ඒ සියලුදෙනාම නාමයෝජනා ලැයිස්තුවේ ඉන්නවා. සුසිල් ප්‍රේමජයන්ත ලේකම්තුමා මේකට අත්සන් කරලා තියෙනවා. කවදාවත් මේ පිරිස ඉන්නකම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදන්න බැහැ.”

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us