වසර හතළිහක් සපිරෙන අතට අත දීම (video)

Published in අනං මනං
Thursday, 16 July 2015 15:48

1975 ජූලි 17 වෙනිදා මිනිසෙක් තවත් මිනිසෙකුට අතට අත දෙනවා. මෙහි තිබෙන විශේෂත්වය වන්නේ එය අභ්‍යාවකාශයේදී සිදු වූ අතට අත දීමක් නිසාම නෙමෙයි.

මේ අතට අත දීම සිදු වන්නේ ඇමරිකාවේ බ්‍රිගේඩියර්වරයෙකු වූ තෝමස් ස්ටැෆර්ඩ් සහ රුසියානු අජටාකාශගාමියෙකු වන ඇලෙක්සි ලේනොව් අතරයි. ඒවගේම දීර්ඝ කාලයක් රුසියාව සහ ඇමරිකාව අතර පැවති සීතල යුද්ධය යම් තරමකට සමථයකට පත්වීම මෙමගින් සංකේතවත් කරනු ලබනවා.

මේ කාලය තුල ඇමරිකාව සහ රුසියාව අතර අභ්‍යවකාශ තරණය සම්බන්ධයෙන් විශාල තරඟයක් පැවතුණා. මේ පිළිබඳව අදහස් දක්වන ඇලෙක්සි ලේනොව් පවසන්නේ මේ තරඟය කොතරම් තීව්‍ර වුවාදැයි එකල නිපදවුණු සහ තවමත් බාවිතා කරන තාක්ෂණික උපකරණ වලින් පැහැදිලි වෙන බවයි.

1957 දී රුසියාව මුල්ම චන්ද්‍රිකාව අභයාවකශය වෙත යැවීමට සමත්වෙනවා. ඉන්පසු ලොව ප්‍රථම වතාවට ලයිකා නම් සුනඛයෙකු සහ කාන්තාවක් අභ්‍යවකාශයට යවන්න සමත් වෙන්නෙත් රුසියාවයි.

නමුත් ඉන් වසර කීපයකට පසු ප්‍රථම සඳ ගමන සිදු කිරීමත් සමඟ ඇමරිකාව මෙම තරඟයේ විශාල ජයක් ලබා ඇති බව තහවුරු වෙනවා.

වියට්නාම යුද්ධයේ අවසානයත් සමඟ දෙපාර්ශවයේම අභ්‍යවකාශ තරණය හා සම්බන්ධ කරුණු වල පවතින හොද සහ නරක වටහා ගන්නා ඇමරිකාව සහ රුසියාව එකඟතාවයකට පැමිණීමට තීරණය කරනවා. මේ යටතේ අභ්‍යවකශ තරණයට අදාළ මෙහෙයුමක් Apollo-Soyuz Test Project නමින් ඇරඹෙනවා.

මේ යටතේ රටවල් දෙකටම අභ්‍යවකශයේදී හමුවී පරීක්ෂණ කටයුතු කළ හැකි ආකාරයේ නව ක්‍රමයක් හඳුන්වා දීමට උත්සාහ ගැනෙනවා. මේ මෙහෙයුමේ කොටසක් ලෙස තමයි 1975 දී හෙට වගේ දිනක මේ අතට අත දීම සිදු උනේ.

පසුව විවිධ දේශපාලනික හේතු කාරණා හේතුවෙන් Apollo-Soyuz Test මෙහයුම නැවතෙනවා.

කෙසේවෙතත් මේ ඓතිහාසික සිදුවීමේ 40 වනසමරුම ඊයේ(15) රුසියානු මොසක්ව් අභ්‍යවකශ කෞතුකාගාරයේදී පැවැත්වුණා. මේ අවස්ථාවට ඇලෙක්සි ලේනොව් වගේම තෝමස් ස්ටැෆර්ඩ් සහබාගි උනා.

worky

worky1

ld add copy

Gossip

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපති පුටුව ඩැහැගන්න දැනටම හත් දෙනෙක්

ජනාධිපතිවරණ උණුසුම දවසින් දවස වැඩිවෙමින් පවතිනවා.

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක   

මම කෙළින් නොසිටියා නම් රටට කෙළවෙනවා - කතානායක  

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චි...

අනං මනං

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us