චම්පිකව හලන්න විජේදාසගෙන් මෙහෙයුමක්

Published in පුවත්
Thursday, 16 July 2015 09:32

මෙවර මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂට වඩාත්ම උණුසුම් කාරී මැතිවරණයකට මුහුණ පෑමට සිදුව තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කය තුල බව පෙරේදා(14) රාත්‍රියේ මහරගම පිළියන්දල පාරේ රාත්‍රී සමාජ ශාලවක පැවැති මධුවිත සාදයකදී කතා බහට ලක්විය.

මෙම මධුවිත සාදයට කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා, හිටපු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් ආර්. පීරිස් , ප්‍රේමරත්න ගුණසේකර හා පළාත් සභ මන්ත්‍රී රොඩ්නි ප්‍රෙෂර් යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

මෙහිදී කතා භට ලක්වූ ප්‍රධාන කරුණ වූයේ විදුලිබල ඇමැති චම්පික රනවක මහතා එජාප ලැයිතුවෙන් ඉදිරිපත්ව සිටීම එජාප අපේක්ෂකයන්ගේ මනාප කෙරෙහි දැඩිව බලපානු ඇති බවය. විශේෂයෙන්ම මහරගම ආසන සංවිධායක ලෙස කටයුතු කරන විජයදාස රාජපක්ෂ මහතාගේ ඡන්ද පදනමට චම්පික අභියෝගයක් වනු ඇති බව ඔහුට සෙසු පිරිස විසින් පෙන්වා දී ඇත.

චම්පික රණවක මහතාට ස්ථිර වශයෙන් ඡන්ද විසිදහසකට වැඩි පදනමක් තිබෙන බවත් ඔහුට එජාපයෙන් තවත් ඡන්ද 30,000ක් එකතු කර ගතහැකි වුවහොත් පහසුවෙන් පාර්ලිමේන්තුවට පත් විය හැකි බවත් මෙහිදී සාකච්ඡා වී තිබේ. රණවක මහතා ට ඡන්ද තිබෙන්නේ මහරගම හෝමාගම කැස්බෑව ආදී සිංහල බෞද්ධ මධ්‍යම පාංතිකයන් බහුලව සිටින ප්‍රදේශවල නිසා ඒම ප්‍රදේශ මත පදනම් ව සිටින විජයදාස රාජපක්ෂ මහතාට මනාප පිළිබඳ ප්‍රශ්නය ඇති විය හැකි බව මෙම සාකච්ඡවට හවුල් වූවන් පෙන්වා දී තිබේ.

එමෙන්ම මෙවර එජාප ජාතික ලැයිස්තුව තුලද චම්පික රණවකගේ පාර්ශ්වයේ නියෝජනය කරන අතුරලියේ රතන හිමි හා ඕමල්පේ සොභිත හිමිද සිටින අතර එම පක්ෂ අතර තිබෙන එකඟතා අනුව මැතිවරණයේදී ලබන මනාප ඡන්ද වල ඉහළ ප්‍රතිශතවලට සාපෙක්ෂව එම ජාතික ලැයිස්තු මන්ත්‍රීධූර බෙදා හැරෙනු ඇත. ඒ අනුව චම්පික රනවක මහතාගේ පාර්ශ්වය නියෝජනය කරන 11 දෙනා වැඩි මනාප සංඛ්‍යාවන් ලැබුව හොත් ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 2ක් ම ඔවුන් වෙත ලබා දීමට සිදුවනු ඇති බවත් එම තත්වය වලක්වාලීමට එම පාර්ශ්වයට ඡන්ද ලැබිම අවම කිරීම සිදු කළයුතු බවත් මෙහිදී සාකච්ඡාවට ගෙන තිබේ.

මේ අනුව මහරගම හෝමාගම කැස්බෑව හා අවිස්සාවේල යන ආසන වල එජාපය සිංහල බෞද්ධ ජනයා ඉලක්ක කර ගත් විශෙෂ මැතිවරණ ප්‍රචාරක කටයුත්තක් කර එම ඡන්ද එජාප අපේක්ෂකයන් වෙත ලබා ගැනීම සිදු කළයුතු බවට මෙම කණ්ඩායම තීන්දු කර තිබේ.

 

Leave a comment

worky

worky1

ld add copy

Gossip

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

දයාසිරියි වලේබොඩයි ජාතික ආරක්ෂක මණ්ඩලයට ගිහින් කියපු දේ

පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජනපති රනිල් ජාතික ආරක්ෂක මණ්ඩල හමුවට ගොස් ඇත්තේ දැනට විපක්ෂයේ අසුන්ගෙන සිට...

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

අනුරගේ බදු ක්‍රමය ගැන ෂෙහාන්ගෙන් පැහැදිලි කිිරීමක්

දැනටමත් වැට් බද්ද පදනම් වී ඇත්තේ, පිරිවැටුම මත බව ශෙහාන් සේමසිංහ පවසයි.

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ක්‍රීඩා

LPL තරඟාවලි​යේ ක්‍රීඩක වෙන්දේසිය අද

LPL තරඟාවලි​යේ ක්‍රීඩක වෙන්දේසිය අද

5 වැනි ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලි​යේ ක්‍රීඩක වෙන්දේසිය හෙට (21) පස්වරු​වේ කොළඹදී පැවැත්වෙනවා.

Connet With Us