සුසිල්ගේ ඇස්වල කඳුළු තව පොඩ්ඩෙන් බිමට!

Published in පුවත්
Wednesday, 15 July 2015 15:50

ජනපතිගේ ප්‍රකාශයෙන් සන්ධානය කම්පාවට පත්ව ඇති බවත් මීට දෙසතියකට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතා සන්ධානයේ තීරණය අනුව මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා දීමට එකඟවු බවත් සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත පවසයි. ඔහු මේ බව පැවසුවේ අද(15) පැවති මාධ්‍ය හමුව අමතමින්ය.

සන්ධානයේ මංගල රැලිය 17 වැනිදා අනුරාධපුරයේ පැවැත්වීමට ශ්‍රීලනිප සභාපතිද වන ජනපති එකඟවූ බවත් මැතිවරණ මෙහෙයුම් නායකයා ලෙස මහින්ද රාජපක්ෂ පත් කිරීමටද ඔහු එකගවූ බව සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

ජනාධිපතිවරයා එජාප නායකයා බේරාගන්න පාර්ලිමේන්තුව විසිරෙව්වා කිව්වා. ලෝක දේශපාලනයේ පළවැනි වතාවටයි එක පක්ෂ නායකයෙක් තවත පක්ෂෙක නායකයකු බේරාගැනීමට කටයුතු කළ බව කිව්වේ‘ යැයි මාධ්‍ය හමුව ඇමතූ ඩලස් අලහප්පෙරුම මහතාද පැවසීය.

සන්ධානයෙන් අපේක්ෂකයෝ 260 දෙනෙක් තරග කරනවා. මීට දෙසතියකට පෙර මෛත්‍රීපාල සිරිසේන මහතා, මම , දිනේෂ් අනුර ප්‍රියදර්ශන යාපා කැඳවා සන්ධානයේ තීරණය අනුව මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා දීමට එකඟවුණා.

මැතිවරණ මෙහෙයුම් කමිටු නායකයා ලෙස රාජපක්ෂ මහතා පත් කිරීමටද ජනපති එදින එකඟවුණා. ඒ අනුව පසුගිය 3 වැනිදා ඒ බව මහින්ද රාජපක්ෂ මහතාට දැන්වූවා. මම ලිපිය නිකුත් කළේ සන්ධානයේ එකගතාවය මත. නාම යෝජනා සකසන්නේ සහ මැතිවරණ කොමසාරිස් සමග කටයුතු කරන්නේ පක්ෂයේ ලේකම්. කවුරුන් හෝ ජාතික ලැයිස්තුවේ නම නැති ඡන්දෙට ඉදිරිපත් නොවූ කිසිවෙක්ට ජාතික ලැයිස්තු පුරප්පාඩුවට පත් කළ නොහැකියි.

මහ බැංකු අධිපති වැරදි බව ජනපතිගේ කථාවෙන් පැහැදිලියි. ප්‍රසිද්ධ විභාග පැවැත්වෙද්දී මැතිවරණ තියන්නේ නෑ. නමුත් මෙවර උසස් පෙළ විභාග සමයේ මැතිවරණය තිබෙනවා. එක දශමයක් වුණත් දරුවන්ට වැදගත්.

අගමැති බේරාගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් දරුවන්ගේ අනාගතේ නොසලකා ඡන්දය දැම්මා. අගමැතිවරයෙක් බේරාගන්න දරුවන්ගේ අනාගතේ උකස් කරන ආණ්ඩුවකින් අනාගතේ ඇති පලේ මොකක්ද? අගෝස්තු 18 අපි නියත ලෙසම ආණ්ඩුවක් පිහිටුවනවා.

මාධ්‍ය හමුව ඇමතූ ශ්‍රීලනිප ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා මෙසේ පැවසීය.

‘අපේ ප්‍රධාන අරමුණ එජාපය පරාජය කිරීමයි. තරුණ සේවා සභාවේ වාහන 52ක් මේ ආණ්ඩුව ඡන්දෙට යොදාගෙන තියෙනවා. රාජ්‍ය මාධ්‍ය අද එක අන්තයක් අරගෙන. අපේ කාලයේ රජයේ වාහන ඡන්දෙට භාවිතා කළේ ඉතා අඩුවෙන්. ඩලස් කච්චේරියෙන් එළියට එද්දී තර්ජනය කළා. මන්ත්‍රීන්ගේ ආරක්ෂාව අඩු කළා. ඇමැතිවරු කිහිපදෙනෙක්ට විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව යොදාගෙන තිබෙනවා. අද ශ්‍රීලනිපය එකමුතු වෙලා. ජනපතිගේ ප්‍රකාශය ගැන ඔහුගෙන් අහන්න. ජනපතිගේ ප්‍රකාශය ගැන පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී තීරණය කරනවා. එළියේ කථා කරන්න කැමති නෑ‘

සන්ධාන නායකයා ඉවත් කිරීමට තීරණයක් ගෙන නැති බවත් ‘මහින්ද පරදින බව ජනපති කිව්වත් අපි කියන්නේ ඔහු දිනන බවයි.‘යනුවෙන් වැඩිදුරටත් පැවසුවේය.

Last modified on Wednesday, 15 July 2015 15:54

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us