මහා පරිමාන වංචා දූෂණ ගැන විමර්ශන ඇරඹේ

Published in පුවත්
Wednesday, 15 July 2015 13:21

මහා පරිමාණයේ දුෂණ, වංචා පිළිබද විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිසම් සභාවේ සාක්ෂි විභාග කිරීම හෙට (16) සිට ආරම්භ කෙරේ.

පසුගිය අප්‍රේල් මාසයේ සිට මේ දක්වා පැමිණි 820 ක් ලැබී ඇති අතර ඉන් 115 ක් විමර්ශනය සදහා යොමු කල යුතු වේ. 60 කට ආසන්න ප්‍රමාණයක් විමර්ශනය සදහා විශේෂ පොලිස් ඒකකයක සහාය ලබා ගැනේ.

2010 ජනවාරි 10 වනදා සිට 2015 ජනවාරි 10 දක්වා වු ක්‍රියා සම්බන්ධ පැමිණිලි මෙහිදී විභාග කෙරේ.

සාක්ෂි විභාගය පංච පුද්ගල කොමිසමක් ඉදිරියේදී සිදු කෙරේ. මෙම පංච පුද්ගල කමිටුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගිය මාර්තු මාසයේ ස්ථාපනය කළේය.

මෙම පංච පුද්ගල කොමිසට ප්‍රිති සුරියසේන, අමින්ද සේනවිරත්න,විකුම් කලුආරච්චි, ගිහාන් කුලතුංග සහ හිටපු විගණකාධිපති පි.ඒ.ප්‍රේමතිලක යන මහත්වරුන් ඇතුළත් වේ.

බරපතල වංචා හා දුෂණ, රාජ්‍ය සම්පත් වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතය සම්බන්ධයෙන් කොමිසමෙන් විමර්ශනය කරන බව එහි ලේකම් එල්.සිල්වා මහතා පැවසුවේය.

මෙම කොමිසමේ කටයුතු නිසිලෙස සිදුවේ නම් ඉදිරියේදී මහාපරිමාන චංචා දුෂණ සිදු කළ පුද්ගලයන් බොහේ දෙනෙකුට කළ වැරදි වලට වන්දි ගෙවීමටත් දඩුවම් විදීමටත් සිදුවනු ඇත.දූෂණ චෝදනා ඔප්පු නොවීම යන කාරණය මත අද උඩපනිමින් සිටින බොහෝ දෙනෙකුගේ කළ දවස නරක බව වැටහී යනු ඇත.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us