සතුට වඩන විද්‍යුත් උපකරණ(video)

Published in අනං මනං
Monday, 13 July 2015 11:21

ලෝකය වේගයෙන් ඉදිරියට යනවා. අලුත් අලුත් තාක්ෂණික ක්‍රම උපකරණ ලෝකයට හඳුන්වා දෙනවා. අපිට ඉස්සර තරම් වැඩ කරන්න මහන්සි වෙන්න ඕන නෑ.

ඒත් අපිට නිදහසේ ඉන්න තියෙන කාලය නම් වැඩි වෙලා නෑ. ඒවගේම තමයි අපේ සතුටත්. සතුටත් දැන් කෘත්‍රිමව ලබාගන්න වෙලා.

එක්සත් රාජධානියේ රාජකීය කලා අධ්‍යයන ආයතනයේ ගෘහස්ත උපකරණ භාවිතා කරන්නන් තුළ සතුට ඉපැදවීම පිණිස නව උපක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා.

තමන්ගේ අනාගත නිර්මාණ මාලාව පිලිබඳ අදහස් දක්වමින් ටෙඩ් විල්ස් (Ted Wiles) සඳහන් කළේ ඔහුගේ අරමුණ සැමට සතුටින් සිටීමට උදව්දීම බවයි.ඔහු මේ සඳහා ටෝස්ටරයක්, එලාම් ඔරලෝසුවක්, සහ දුරකථනයක් නිපදවා තිබෙනවා.

මේ විශේෂිත ටෝස්ටරය ක්‍රියාකරන්නෙ වැළඳ ගැනීමෙන් පසුවයි. එහි වැළඳගෙන සිටීමේදී තදවීම නිසා ක්‍රියාත්මක වෙන සංවේදක උපකරණයක් සවි කොට තිබෙනවා. එය පිස අවසන් වෙනතුරු වැළඳගෙන සිටීම කළ යුතුයි.

ඒවගේම මෙය රතුපාටින් නිර්මාණය කිරීමටත් හේතුව වී ඇත්තේ උණුසුම් සහ ආදරණීය බවක් හැඟවීමටයි.

එලාම් ඔරලෝසුව නාද වීමේදී එහි දෙපස ඇති කහ පැහැති කොටස් දෙක ඔලුවට ඉහලින් විනාඩි දෙකක් පමණ ඔසවා සිටිය යුතු වෙනවා. ඔරලෝසුවේ ඇති සංවේදකයක් මගින් බ්ලූටූත් තාක්ෂණය ඔස්සේ සිරුරේ ඉරියව්ව හඳුනාගෙන නාද වීම නවතනවා.

එසේම මෙම ටෙඩ් නිපදවා ඇති  දුරකථනයෙන් ඇමතුම් ලබා ගැනීම සඳහා සිනා සිය යුතු වෙනවා.

ටෙඩ් පවසන පරිදි මේවා සාමාන්‍ය විද්‍යුත් උපකරණ. නමුත් මේ උපකරණ සමඟ ගණුදෙනු කිරීම හරහා අදාල පුද්ගලයාගේ ශරීරය තුල රසායනික වෙනසක් සිදු වී සතුට ඇති වෙන බවයි ඔහුගේ අදහස.

ld add copy

Gossip

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

රනිල්ගේ දරුවෝ ගේම ඉල්ලලා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභා රැස්වීමක් පසුගිය 27 වෙනිදා පැවැත්විලා තිබුණා. ඒ, හිටපු ජනාධිපති...

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

Connet With Us