හරීන් හැරයාම කල්දමයි(video)

Published in පුවත්
Monday, 13 July 2015 10:33

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් එකම වේදිකාවක පැමිණියහොත් දේශපාලනයෙන් විශ‍්‍රාම ගැනීමට ගත් තීරණය තාවකාලිකව කල් දමන බව ඌව ප‍්‍රධාන අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට විළිලැජ්ජාව කියා දෙයක් අැත්නම් කිසිවිටෙකත් හිටපු ජනාධිපති සමග සුසංයා්ගයක් ඇති කර ගැනීමට කටයුතු නොකරන බවත් වත්මන් ජනපති එබදු තීරණයකට ඒමට තරම් ලැජ්ජ නහර කපාගෙන අැත්නම් ඒ පිළිබද කණගාටුවන බවත් උෟව පළාත් ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පසුගිය දිනක පැවසුවේය. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එළැඹෙන මහ මැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය නොදෙනු ඇතැයි තමන් දැඩි සේ විශ්වාස කරන බව හරීන් ප‍්‍රනාන්දු මහතා අදාළ මුල් ප‍්‍රකාශයෙන් කියා සිටියේය.

එම විශ්වාසය පළුදු වුවහොත් තමන් දේශපාලනයෙන් විශ‍්‍රාම ගන්නවා සේම ඡන්දය ලබාදීමෙන් පවා වළකින්න ලෙස ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින බව එහිදී ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

නමුත් තමා විසින් මුලින් සිදු කළ මෙම ප‍්‍රකාශය දැන් වෙනස් කිරීමට හේතුව මන්දැයි යන්නට හරීන් ප‍්‍රනාන්දු මහතා ඊයේ (12) හේතු දක්වමින් කියා සිටියේ තමන් දේශපාලනයෙන් විශ‍්‍රාම ගත හොත් එහි වාසිය හිමිවන්නේද ප‍්‍රතිපක්ෂයට බවයි.ඒ නිසා දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට ගත් තීරණය තාවකාලිකව කල් දමන බව පැවසුවේය.

"මම මැතිවරණයට තරග කරනවා. මම වැනි එක් පුද්ගලයෙක් නැගිටලා ගියා කියලා මේ ක්‍රමය සුද්ධ වෙන්නේ නෑ. පිස්සෝ කලබල වුණාට දොස්තර කළබල නෑ කියලයි කියන්න ඕන. ලොකු පිරිසකට මා දේශපාලනයෙන් සමුගන්නවද නැත්ද කියලා බොහෝ දෙනෙකුට බලාගන්න ඕන වෙලා තියෙනවා. දේශපාලනයෙන් සමුගන්නවද නැත්ද කියලා තීරණය ගන්නේ මැතිවරණයෙන් පස්සේ. මම දේශපාලනයෙන් ඉවත්වුණොත් වාසිය හොර නඩේටමයි"

මෙවර මහ මැතිවරණයේදී තමන් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන බවද හරීන් ප‍්‍රනාන්දු මහතා කියා වැඩිදුරටත් පවසා සිටියේය. කෙසේ වූවත් හරීන් ප්‍රනාන්දු මහතා මේ මොහොතේ දේශපාලනයෙන් ඉවත්වීමට කිසිසේත් ඉඩලබා නොදීය යුතු බව බොහෝ හිතවාදීන්ගේ ‍මතයද වූයේය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us