කාන්තා අයිතියේ තත්ත්වය

Published in අනං මනං
Friday, 10 July 2015 11:22

ලෝකය නම් මාර වේගෙකින් ඉස්සරහට යනවා. ඒත් මිනිස්සු හැටියට අපි කොතනද ඉන්නෙ.

ඕනෑම රටක ආර්ථික සංවර්ධනය මැනීමේදී කාන්තා සහ ළමා අයිතිවසිකම් පිළිබද සොයා බැලෙනවා. විවිධ තාක්ෂණික මෙවලම් දියුණු ප්‍රවාහන ක්‍රම වලට සාපේක්ෂව මානව අයිතිවාසිකම් ක්ෂේත්‍රයේ නම් ලෝකයේ ඕනෑම රටක් ඉන්නෙ දුර්වල තත්ත්වයක.

එතැනදී කාන්තා අයිතිවාසිකම් අහිමිවීම් විශේෂයි. පවතින තත්ත්වය හැටියට ගැහැණු පිරිමි බේදයකින් තොරව පීඩාවට පත්වෙනවා තමයි. ඒත් එතැනදී ගැහැණිය විශේෂයි. පිරිමියාට සාපේක්ෂව ගැහැණිය විඳින පීඩනය වැඩියි.

අපි මොනතරම් දියුණුයි කියල උදම් ඇනුවත් මිනිස්සු හැටියට ඉන්න තත්වය  එක්සත් ජාතීන්ගේ අලුත්ම වාර්තාවන් පැහැදිලි වෙනවා.

එක්සත් ජාතීන්ගේ “Progress of the World’s Women, 2015-16” වාර්තාව ලෝකයේ කාන්තා අයිතිවාසිකම් පිලිබඳ නවතම තොරතුරු රැසක් එළි දක්වා තිබෙනවා. මෙහිදී අවධානය යොමු වී තිබෙන්නේ පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් භුක්ති විඳින අයිතීන් වැඩ දියුණු වී ඇති ක්ෂේත්‍ර සොයා බැලීමයි.

මේ වාර්තාව සැකසීමේදී කාන්තාවකට සුදුසු රැකියාවක් කිරීමේ අයිතිය, සාධාරණ වැටුපක් ලැබීමේ අයිතිය, ආරක්ෂාකාරී රැකියා තත්ත්වය, වයස් ගත වීමේදී විශ්‍රාම වැටුප් ලැබීමේ හැකියාව, සෞඛ්‍ය පහසුකම්, පිරිසිඳු වතුර, සමාජ ආර්ථික පසුබිම, රට, ජාතිය, ජනවර්ගය යන කරුණු පිළිබඳ සැළකිලිමත් වී ඇත.

මෙම වාර්තාවට අනුව රටක සමාජ ආර්ථික ප්‍රතිපත්ති නිර්මාණය කිරීමේදී ස්ත්‍රී පුරුෂ දෙපක්ෂය අතර සමානතාවයක් ගොඩනැගීම හරහා ආර්ථික ස්ථාවර බාවයක් ගොඩනැගීමට කාන්තා අයිතිවාසිකම් ශක්තිමත් කිරීම කළයුතු බව පෙන්වා දෙනවා.

මිට අමතරව දුප්පත් සහ පෝසත් කාන්තාවන් අතර පවතින පරතරය ඉතා වැඩි අගයක් ගන්නා බව මෙම වාර්තා පෙන්වා දෙනවා. උදාහරණ ලෙස සෙයිරා ලියොන් රටේ දරු උපතකදී මිය යන කාන්තාවන් ප්‍රමාණය කැනඩාවට වඩා සිය ගුණයකින් වැඩි බව පැවසේ.

එසේම ලෝකයේ බොහෝ රටවල ආර්ථික තත්ත්වය ගැහැණු පිරිමි දෙපක්ෂයටම අහිතකර ලෙස බල පාන බව මෙම වාර්තාව පෙන්වා දෙයි. රටක ආර්ථිකය සුදුසු රැකියා අවස්ථා සහ දුප්පත් කම නැති කිරීමේ ක්‍රම හඳුන්වා දීමට අපොහොසත් වීම හරහා කාන්තාවන් ඉතා අඩු වැටුප් සහිත මෙන්ම අනාරක්ෂිත රැකියා අවස්ථා වෙත යොමු වීමේ වැඩි ඉඩක් පවතින බව පැවසෙනවා.

සමහර රටවල්වල කාන්තාවන් සහ පිරිමින් අතර වැටුප් විෂමතාවය අඩු අගයක් ගත්තද ඊට හේතුව වී ඇත්තේ එම රටවල පිරිමින්ද අඩු වටුප් ලබන ශ්‍රමිකයන් වීමයි.

පහත සිතියම් වලින් තත්ත්වය ඔබට තවත් පැහැදිලි වෙයි

ලිංග බේදයකින් තොරව සමාන වැටුප් ලැබීම

women1

රැකියාවේදී ලිංග බේදය මත වෙනස්කොට නොසැලකීම

women2

රැකියාවේදී සිදුවන ලිංගික අඩත්තේට්ටම් නැවත්වීම

women3

සටහන - සිතාරා කුලරත්න

Last modified on Friday, 10 July 2015 12:00

Gossip

හැකි නම් අයවැය පරාජය කරන්න! ජනපතිගෙන් බැසිල් පිලට අභියෝගයක්

හැකි නම් අයවැය පරාජය කරන්න! ජනපතිගෙන් බැසිල් පිලට අභියෝගයක්

වහාම කැබිනට් මණ්ඩලය පත් නොකළහොත් අයවැය පරාජය විය හැකි බවට අනතුරු අඟවන්නට ගිය පොහොට්ටුවේ ප්‍රබලයින් ප...

මහින්ද එක්කත් බෑ..රනිල් එක්කම යන්න පොහොට්ටු ප්‍රබලයන් සැරසේ..   

මහින්ද එක්කත් බෑ..රනිල් එක්කම යන්න පොහොට්ටු ප්‍රබලයන් සැරසේ..  

මහින්ද සමග යළි නැගිටීම පසෙක තබා රනිල් වික්‍රමසිංහ හා එක්ව යන දේශපාලන ගමනක් වෙනුවන් රාජපක්ෂ පවුලේ දේශ...

එජාපය මහ මැතිවරණයට සූදානම් වෙයි. රවීට මහ ලේකම් තනතුර.

එජාපය මහ මැතිවරණයට සූදානම් වෙයි. රවීට මහ ලේකම් තනතුර.

එජාපය මහ ලේකම් තනතුරට හිටපු අමාත්‍ය රවී කරුණානායක පත්කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. එමෙන්ම එජාපයේ...

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

පවර්, විපක්ෂයේ ඉල්ලීම් තඹේකට මායිම් කරලා නෑ ! මහ මැතිවරණ ඉල්ලන්න පිස්සු දැයි අහලා

වත්මන් ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ජනමතයක් නොමැති බැවින් වහාම මහමැතිවරණයක් පැවැත්වීමට බලපෑම් කරන ලෙස වි...

අනං මනං

ආත්මය විකුණු ප්‍රේමය ...

ආත්මය විකුණු ප්‍රේමය ...

එදාත් හරි ලස්සනට ඉර පායපු දවසක්උඹ ඇවිත් මගේ ලෝකේ පාට කරා බලාපොරොත්තු හින පෙන්නුවාමාත් හරි අසාව...

Connet With Us