"රක්‌නා ලංකා" සේවයට සිවිල් ආරක්‌ෂක සෙබළුන් යෙදවීම ගැන පරීක්ෂණ අරඹයි.

Published in පුවත්
Saturday, 04 July 2015 10:39

සිවිල් ආරක්‍ෂක බළකායේ සෙබළුන් රක්‌නා ලංකා ආරක්‌ෂක සේවයේ රාජකාරි සඳහා යෙදවීම‌ සම්බන්ධයෙන් ජනාධිපති පරීක්‌ෂණ කොමිසම පුළුල් පරීක්‌ෂණයක්‌ ආරම්භ කර ඇත.

පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා රක්‌නා ලංකා ආරක්‌ෂක ආයතනයේ නිලධාරීන් 548 දෙනකු යොදවා තිබිණි.

මේ සම්බන්ධයෙන් සිවිල් ආරක්‌ෂක බළකායේ සේනාවිධායකවරයාගෙන් ද ජනාධිපති පරීක්‌ෂණ කොමිසම ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

එම ආරක්‌ෂක නිලධාරීන් මැතිවරණ කටයුතු සඳහා යෙදවීමෙන් පසු ඔවුන්ගේ රාජකාරි ආවරණය කිරීම සඳහා සිවිල් ආරක්‌ෂක බළකායේ සෙබළුන් යොදවා සිටි බව පරීක්‌ෂණ වලින් අනාවරණය වී ඇත.

සිවිල් ආරක්‌ෂක බළකායේ සෙබළුන් සඳහා රජයෙන් වැටුප් ගෙවද්දී ඔවුන් පෞද්ගලික ආරක්‌ෂක අංශයක සේවය සඳහා යොදවා ගැනිම නීතිවිරෝධී බැවින් මේ සම්බන්ධයෙන් සිවිල් ආරක්‌ෂක බළකායේ සහ රක්‌නා ලංකා ආරක්‌ෂක අංශයේ බලධාරීන් කීපදෙනකුගෙන්ම ඉදිරියේදී ප්‍රශ්න කිරීමට නියමිතය.

සිවිල් ආරක්ෂක සේවයෙන් විය යුතු වගකීම් පවා රාජපක්ෂ පවුලේ අනාගතය වෙනුවෙන් යොදවා ගත් බවට බොහෝ තෙ‍ාරතුරු අනාවරණය වෙමින් පවතින බවද සැලවේ.

Leave a comment

worky

worky1

ld add copy

Gossip

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

පීඩනය දරා ගන්න බැරි තැන මම ජීවිතය නැති කරගන්නත් හැදුවා

අපේ රටේ ප්‍රසිද්ධ නිළියක් විදිහට කවුරුත් දන්න කෙනෙක් තමයි යශෝධා විමලධර්ම කියන්නේ. ඇය නිතැනින්ම නිවුණ...

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

ජගත් මණුවර්ණට වෙඩි පහරක්

රංගන ශිල්පී ජගත් මණුවර්ණ ට වෙඩි පහරක් එල්ල වී අනතුරකට ලක්ව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?   

ඉරාන ජනපති හමුව සජිත් ප්‍රතික්ෂේප කරයි. මුස්ලිම් ජනතාවට කළ මදිපුංචි කමක්ද?  

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා මෙරටට පැමිණි ඉරාන ජනාධිපති ආ...

සන්නස්ගල පොලිස් භාරයට

සන්නස්ගල පොලිස් භාරයට

ප්‍රසිද්ධ සිංහල උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා.

Connet With Us