සමරිසි සංකේතය වූ දේදුණු කොඩියේ කතාව

Published in අනං මනං
Wednesday, 01 July 2015 11:12

පසුගිය කළේ ලෝකේ වගේම ලංකාවෙත් බොහෝ දෙනෙක් තමන්ගෙ facebook profile picture එක දේදුණු පැහැයෙන් අලංකාර කරා. ඒ විතරක් නෙමේ ලෝකයේ ප්‍රධාන තලයේ වෙබ් අඩවි සමාගම් තමන්ගෙ ලංඡන දෙදෙනු පැහැයෙන් වර්ණ කරා.

බොහෝ දෙනෙක් නොදැන සිටියත් මේ ආකාරයට හදිසියේම facebook එවැනි ක්‍රියාකාරකමක් දියත් කිරීමට හේතුව වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඇමරිකාව පුරාම සමලිංගික විවාහ නීතිගත කිරීමයි. ඒවගේම මේ සැමරීම් සඳහා දේදුණු පැහැය යොදාගන්න විශේෂ හේතුවක් තිබෙනවා.

ලෝකයේ LGBT එහෙම නැත්තම් සමරිසි, ද්වී රිසි සහ ලිංගිකත්වය වෙනස් කරගත් පුදගලයන් නියෝජනය කරන කොඩිය එහෙම නැත්තම් සංකේතය ලෙස දේදුණු වර්ණ සහිත කොඩිය යොදාගන්නවා. නමුත් මේ කොඩියේ කොහොම නිර්මාණය උනාද කියන එක කිසිම කෙනෙක් කතා බහ කළේ නෑ.

දේදුණු පැහැති කොඩියේ නිර්මතෘ වරයා වන්නේ ගිල්බර්ට් බේකර්.

පසුගියදා facebook පරිහරණය කරන්නන් මිලියන 30 කගේ පමණ profile pictures , ධවල මන්දිරය, ඇමරිකාවේ නගර සභා ගොඩනැගිලි, නයගරා දිය ඇල්ල දේදුණු පැහැයෙන් වර්ණ ගැන්වුණා.

ඇමරිකාවේ Kansas පළාතෙ උපත ලබපු ගිල්බර්ට් මේ පිළිබඳ ව අදහස් දක්වමින් පවසන්නෙ මේ තරම් පිරිසක් තමන් නිර්මාණය කරපු කොඩිය භාවිත කරන එක පිළිබඳ අතිශයිනම සතුටට පත්වන බවයි. තවදුරටත් තමන්ට දුක්වීමට හේතුවක් නොමැති බව ඔහු පවසනවා.

LGBT අයිතීන් වෙනුවෙන් කැපවුණු ඔහුගේ ජීවිතය විවිධ දුක් කම්කටළුවලට මුහුණ පා තිබෙනවා. ගිල්බර්ට් සමරිසියෙක් වීම නිසාම තම ගම් ප්‍රදේශයෙන් පිටුවහල් කෙරෙනවා. මුල් කාලයේ තමන්ව සමාජයෙන් පිළිකුල් කළ ආකාරය ඔහු විස්තර කරනවා.

දේදුණු කොඩිය නිර්මාණය වෙන කාලය වෙනකොට ඔහු හමුදාවෙ සෞඛ්‍ය සේවකයෙක් ලෙස සේවය කරමින් සිට තිබෙනවා. කොහොම උනත් යුද්ධයේ බිහිසුණු බව තේරුම් ගන්න ගිබර්ට් හමුදාවෙන් ඉවත් වී සැන් ෆ්‍රැන්සිස්කෝ නුවරට සංක්‍රමණය වෙනවා.

එහිදී සමරිසි අයිතීන් වෙනුවෙන් හඬ නගන පිරිස් සමඟ එකතු වෙන ගිබර්ට් සමරිසි අයිතීන් වෙනුවෙන් සංකේතයක් නිර්මාණය කිරීමට සිතනවා. එහි ප්‍රථිපලයක් ලෙස 1976 වසරේ දේදුණු කොඩිය නිර්මාණය වෙනවා. ගිබර්ට් පවසන පරිදි ඔහුට මේ කොඩිය පිළිබඳ අදහස ගෙන තිබෙන්නේ ඇමරිකන් කොඩිය තුලිනුයි.

දේදුණු කොඩියේ වර්ණ 8ක් තිබෙන බව ඔහු පවසනවා. රෝස පැහැයෙන් ලිංගිකත්වයත් රතු පැහැයෙන් ජීවිතයත්, තැඹිලි පැහැයෙන් සුවයත් කහ පැහැයෙන් හිරු එළියත් කොල පැහැයෙන් පරිසරයත් ලා නිල් පැහැයෙන් අපුර්වත්වයත් නිල් පැහැයෙන් එකමුතු කමත් දම් පැහැයෙන් අධ්‍යාත්මයත් පිළිබිඹු වෙනවා.

මෙම කොඩිය පළමුවරට ඔසවා තිබෙන්නේ 1978 වසරේ පැවැත්වුණු සමරිසි දිනයේදීයි. ඉන්පසුව තමයි ලොව පුරා වෙසෙන සමරිසි,.ද්වී රිසි සහ ලිංගිකත්වය වෙනස් කරගත් පුදගලයන්ගේ කොඩිය බවට දේදුණු කොඩිය පත් වෙන්නෙ.

gilbart-baker

ld add copy

Gossip

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

සාරංගගෙන් වෙන් වුණ උමාලි රංගන ශිල්පියෙක් සමග විවාහ ගිවිස ගනී

උමාලි තිලකරත්න කියලා කියන්නේ හැමෝම ආදරය කරන රංගන ශිල්පිණියක්. ඇය ඉතාම ආදරෙන් විවාහා වී සිටියේ සාරංග...

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

පාස්කු ප්‍රහාරයේ සුළමුල හෙළිකරමින් මෛත්‍රීගෙන් පොතක්

"පාස්කු ප්‍රහාරය සැබෑ ලෙසම කළේ කවුරුන්ද කියලා තවම කිසි කෙනෙක් කියලා නෑ. ඒක මම දන්නවා කවුද කළේ කියලා"

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

ප්‍රමිතියේ ගැටලුවක් නිසා mc ලංකාව හැර යන්න සුදානමින්

මෙරට පිහිටි සියලුම මැක්ඩොනල්ඩ් අවන්හල් ශාඛාවන් නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

රනිල් බැසිල් අදත් හමුවේ. ඊයේ ගත්ත තීන්දුව දැනුම් දෙයි ?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර...

Connet With Us