ජනාධිපතිතුමනි ලැජ්ජ නහර කපා ගත්තද?-හරීන්(video) Featured

Published in පුවත්
Tuesday, 30 June 2015 14:37

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට විළිලැජ්ජාව කියා දෙයක් අැත්නම් කිසිවිටෙකත් හිටපු ජනාධිපති සමග සුසංයා්ගයක් ඇති කර ගැනීමට කටයුතු නොකරන බවත් වත්මන් ජනපති බදු තීරණයකට ඒමට තරම් ලැජ්ජ නහර කපාගෙන අැත්නම් ඒ පිළිබද කණගාටුවන බවත් උෟව පළාත් ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ අද(30) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට රටට වඩා පක්ෂය පිළිබද කැක්කුමක් ඇතිවී තිබේ නම් එය දැවැන්ත විනාශයක මුල බවත් හැට දෙලක්ෂයක් වූ ජනතාව මහින්දට විරුද්ධව ඡන්දය ලබා දීමෙන් මෛත‍්‍රීපාල සිරිසේන මහතාව ජනාධිපති ලෙස පත් කර ගනු ලැබු බව ජනාධිපතිවරයාට අමතකවී ඇත්නම් එය බරපතල ගැටලුවක් බවද හරීන් ප්‍රනාන්දු මහතා පැවසුවේය.

පසුගිය ජනවාරි 08 වනදායින් පසුව හිටපු ජනාධිපතිවරයා දිගින් දිගටම ප‍්‍රකාශ කරනු ලැබුවේ තමාගේ පාලන කාලය තුළ වැරදි සිදුවූ බවත් තමා හොරුන් ආරක්ෂා කළා මිස හිරභාරයට නොගත් බවත් ය. එබදු පුද්ගලයෙක් සමග මෛත‍්‍රීපාල සිරිසේන මහතා එකතුවන්නට සින්නේ නම් ඒ පිළිබදව ඔහු ලැජ්ජා වියයුතු බව පැවසුවේය.

මහින්ද රාජපක්ෂ විසින් මේ රටට සිදුකළ විනාශය ගැන මැතිවරණ වේදිකාවේදී මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ප‍්‍රකාශ කළ බවත් මහින්ද ජය ගත්තා නම් අද අඩි 6 ක් යට සැතපෙන්නට සිදු වන බව ඔහු පැවසූ ආකාරය පිළිබදව කාටත් මතක බවත් ඔහු සිහිපත් කළේය.

අද වන විට වත්මන් ජනාධිපතිතුමාගේ මෙම ක‍්‍රියාකළාපය පිළිබදව සැකයක් හා කණස්සල්ලක් ඇතිව ඇති බවත් දෙදෙනා හමුනොවූ බව පවසමින් හමුවී ඇති බවත් පැවසුවේය. මේ දක්වා අපි කර තියාගෙන පැමිණි ජනාධිපතිවරයා මෙබදු හොර සාකච්ඡාවකට අතගසා ඇත්නම් ඒ පිළිබදව දැඩි කණස්සල්ලක් හා සැකයක්
ඇති වන බව පැවසුවේය.

මහින්ද මෛත‍්‍රී එකතුවූවද එය එජාපයේ ජයග‍්‍රහනයට බලපෑමක් නොවන බවත් මහින්ද එපා යන පදනම මතින් ජයගත් පුද්ගලයා යළි මහින්ද ගෙන ඒමට කටයුතු කරන්නේ නම් ඒ පිළිබද ලැජ්ජාවක් ඇති වන බවත් පැවසුවේය.

වත්මන් ජනාධිපතිවරයා වෙනුවෙන් බොක්කෙන් වැඩ කර රටේ ලොකුම පක්ෂයේ අපේක්ෂකත්වය ඔහු වෙනුවෙන් කැප කළ බවත් සමස්ත සමාජය වෙනුවෙන් සිදු කළ මෙම කැප කිරීම වත්මන් ජනාධිපතිවරයාට අමතක වේ නම් ඔහුට දිට්ඨධම්මවේදනීය කර්මය පළ දීමට ඉඩ ඇති බව පැවසුවේය.
තමා ශ‍්‍රීලනිප ඡන්දයෙන් දිනුවා යැයි ජනාධිපතිතුමා සිතනවානම් ඔහුට වැරදී ඇති බවත් පවුල් පාලනයේ අවාසනාවන්ත සිදුවීම් පිළිබදව කතා කළ ජනාධිපතිතුමා අද ශ‍්‍රීපනිපයෙන් මහින්ද දේශපාලනයට ගේන්න සිතයි නම් එය අමු අමුවේ රට පාවා දෙන වැඩක් හා ද්‍රෝහිකමක් පැවසුවේය.

විළිලැජ්ජාව කියා දෙයක් තිබිය යුතු බවත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ තරම් ඉක්මනට ලැජ්ජා නහර කපා ගනී කියා නොසිතන බවත් ඔහු අමාත්‍යවරයා පැවසුවේය.

මහින්ද රාජපක්ෂගේ එකම චේතනාව වන්නේ ඔහුගෙන් ගිලීහි ගිය බලය නැවත ලබාගෙන පළිගැනීම බවත් මෛත‍්‍රීපාල සිරිසේන වැනි පරිනත දේශපාලඥයෙක් හොරුන්ට රැවටිය යුතු නැති බවත් පැවසුවේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර සිටියේ හැට දෙලක්ෂයක් මහින්ද එපා කියා ලබා දුන් ඡන්දයෙන් පත්වී මෛත‍්‍රීපාල සිරිසේන මහතා මහින්ද අවශ්‍යයි කියා සිතනවානම් එදිනට ඇතිවන ව්‍යාකූල භාවයට වත්මන් ජනාධිපතිවරයා සම්පූර්ණයෙන් වගකිව යුතු යැයි තමා අවධාරණය කර සිටින බවය.

හරීන් ප්‍රනාන්දු මහතාගේ සම්පූර්ණ කතාව පහතින් අසන්න

 

Last modified on Tuesday, 30 June 2015 15:28

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us